බදියුදීන් නිවසේ මිය ගිය තරුණියගේ ඥාතියෙක් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා උපවාසයේ…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු අමාත්‍ය රිෂාර්ඩ් බදුයුදීන් ගේ නිවසේ සේවය කළ තම ඥාතී නැගණියගේ මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් යාපනයේ සිටින මියගිය දැරියගේ ඥාතියෙකු 20 දා උපවාසයක් ආරම්භ කොට තිබේ.

වතුකරයේ පදිංචි මෙම පුද්ගලයා දැනට යාපනයේ ආයතනයක සේවය කරන අතර ඔහු යාපනය බස් නැවතුම්පල ඉදිරිපිට තනිවම උපවාසය දියත් කොට තිබේ.

උපවාසකරු කියා සිටින්නේ තමන් අවසන් වරට කොළඹ ගිය අවස්ථාවක එම ඥාතිවරිය බැලීමට හිටපු අමාත්‍යවරයාගේ නිවසට ගිය නමුත් නිවසේ උදවිය පැවසුවේ තරුණයෙකු නිසා එම දැරිය හමු වීමට අවස්ථාවක් සලසා දිය නොහැකි බවයි.

මේ මරණය ඉතා සැකසහිත මරණයක් නිසා මරණය ගැනත් ඇයව දුෂණයට ලක් කළ පිරිස ගැනත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු ඉල්ලා සිටියි.

Exit mobile version