අබුඩාබි හි ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අයි.සී.සී විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පෙර පුහුණු තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අති විශිෂ්ට ක්‍රීඩා විලාශයක් නැවතත් පෙන්නුම් කරමින් කණ්ඩායමේ වගකීම කරට ගත් අවිශ්ක ප්‍රනාන්දුගේ වේගවත් අර්ධ ශතකයට හා ගරා වැටුණු ඉනිමක් යළි ගොඩගන්නා ආකාරය පෙන්වූ චාමික කරුණාරත්නගේ පෞරුෂවත් පිති හරඹයට පින්සිදු වන්නටය.
කාසියේ වාසිය දිනාගෙනපන්දුවට පහරදීම තෝරා ගත් බංගලාදේශ පිතිකරුවන් පන්දු ඕවර 20 තුළ ලකුණු 147කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
පන්දුවට පහර දීමේ දී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් මෙහොමඩ් නයිම් පන්දු 19 ක දී ලකුණු 11ක්, මුෂ්ෆිකර් රහීම් පන්දු 13ක දී ලකුණු 13ක්, අනීෆා පන්දු 11 ක දී ලකුණු 11ක්, වේගවත් පිතිකරණයක නිරත වුණු සෞම්‍යා සකාර් පන්දු 26 ක දී ලකුණු 34ක් සොහාන් පන්දු 14ක දී ලකුණු 15ක් සහ ලින්ටන් දාස් පන්දු 14ක දී ලක්ණු 16ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කඩලු 03ක්, මහේෂ් තික්ෂණ , දසුන් ශානක සහ ලහිරු කුමාර කඩුල්ල බැගිනුත් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් යළිත් අසාර්ථක වූයේය. කුසල් ජනිත් පෙරේරා ලබා ගත්තේ ලකුණු 04කි. චන්දිමාල් ලකුණු 13කි. පැතුම් නිශ්ශංක ලකුණු 15කට භානුක රාජපක්ෂ ලකුණු 05කට වනිඳු හසරංග ලකුණු 02කට සහ නායක දසුන් ශානක ලකුණු නොලබා දැවී ගියේය. ශ්‍රී ලංකා මැද පෙළ බලාගෙන සිටිද්දී බිඳ වැටුනේය.
මේ අවස්ථාවේ එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් සිටි දැවැන්ත පවුර වූයේ අවිශ්ක ප්‍රනාන්දුය. අවිශ්ක තම අන්තය ආරක්ෂා කරගන්නා අතරම වේගවත් පිතිකරණය යෙදුනේය. ඔහු පන්දු 32ක දී අර්ධ ශතකයක් ලබා ගත්තේය.
හැමදාම මෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම් සහිත පසුපෙළ බලාපොරොත්තුව වූයේ චාමික කරුණාරත්නය. ඔහු බිඳී සුන් වී ගිය ශ්‍රී ලංකා ඉනිම අවිශ්ක ප්‍රනාන්දු හා එක්ව ගොඩ ගත්තේය. ඔහු පන්දු 7 ක දී ලකුණු 19ක් රැස් කළේය.
මේ යෞවනයෝ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 19ක දී ජයග්‍රහණය වෙත කැන්දාගෙන ගියහ.
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4කින් තරගය ජයග්‍රහණය කළේය.