සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංගලාදේශය පරදී… ශ්‍රී  ලංකාවට  කඩුලු 4ක ජයක්…  

අවිශ්කගෙන් වේගවත් අර්ධ ශතකයක්... අවිශ්ක චාමික ශ්‍රී ලංකා ඉරණම වෙනස් කරති!

by editor
ඔක්තෝබර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අබුඩාබි හි ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේදී  පැවැත්වුණු අයි.සී.සී විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පෙර පුහුණු තරගය කඩුලු 4කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අති විශිෂ්ට ක්‍රීඩා විලාශයක් නැවතත් පෙන්නුම් කරමින් කණ්ඩායමේ වගකීම කරට ගත් අවිශ්ක ප්‍රනාන්දුගේ වේගවත් අර්ධ ශතකයට හා ගරා වැටුණු ඉනිමක් යළි ගොඩගන්නා ආකාරය   පෙන්වූ චාමික කරුණාරත්නගේ පෞරුෂවත් පිති හරඹයට පින්සිදු වන්නටය.

කාසියේ වාසිය දිනාගෙනපන්දුවට පහරදීම තෝරා ගත් බංගලාදේශ පිතිකරුවන් පන්දු ඕවර 20 තුළ ලකුණු 147කට සීමා  කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

පන්දුවට පහර දීමේ දී  බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් මෙහොමඩ්  නයිම්  පන්දු 19 ක දී ලකුණු 11ක්, මුෂ්ෆිකර්  රහීම් පන්දු 13ක දී ලකුණු 13ක්, අනීෆා පන්දු 11 ක දී ලකුණු 11ක්,  වේගවත් පිතිකරණයක නිරත වුණු සෞම්‍යා සකාර් පන්දු 26 ක දී ලකුණු 34ක්  සොහාන් පන්දු 14ක දී ලකුණු 15ක් සහ ලින්ටන් දාස් පන්දු 14ක දී ලක්ණු 16ක් ලබා ගත්තේය.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කඩලු 03ක්, මහේෂ් තික්ෂණ , දසුන් ශානක සහ ලහිරු කුමාර කඩුල්ල බැගිනුත් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් යළිත් අසාර්ථක වූයේය. කුසල් ජනිත් පෙරේරා ලබා ගත්තේ ලකුණු 04කි.   චන්දිමාල්  ලකුණු 13කි. පැතුම් නිශ්ශංක ලකුණු 15කට භානුක රාජපක්ෂ ලකුණු 05කට වනිඳු හසරංග ලකුණු 02කට සහ නායක දසුන් ශානක ලකුණු නොලබා දැවී ගියේය.  ශ්‍රී ලංකා මැද පෙළ බලාගෙන සිටිද්දී බිඳ වැටුනේය.

මේ අවස්ථාවේ එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් සිටි දැවැන්ත පවුර වූයේ අවිශ්ක ප්‍රනාන්දුය. අවිශ්ක තම අන්තය ආරක්ෂා කරගන්නා අතරම වේගවත් පිතිකරණය යෙදුනේය. ඔහු පන්දු 32ක දී අර්ධ ශතකයක් ලබා ගත්තේය.

හැමදාම මෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීම් සහිත පසුපෙළ බලාපොරොත්තුව වූයේ චාමික කරුණාරත්නය. ඔහු බිඳී සුන් වී ගිය ශ්‍රී ලංකා ඉනිම අවිශ්ක ප්‍රනාන්දු හා එක්ව ගොඩ ගත්තේය. ඔහු පන්දු 7 ක දී ලකුණු 19ක් රැස් කළේය.

මේ යෞවනයෝ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 19ක දී  ජයග්‍රහණය වෙත කැන්දාගෙන ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4කින් තරගය ජයග්‍රහණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංගලාදේශය කඩුලු 7කට ලකුණු 147යි.. ශ්‍රී ලංකාව ඕවර 9ක දී ලකුණු 61යි කඩුලු 3

Next Post

ඉන්දියාවේ සිට පැමිණි යොහානි කටුනායක දී කී කතාව…

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.