පෝට්සිටි පනතේ තීන්දුව 18 දා පාර්ලිමේන්තුවට

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව තමන් වෙත ලැබී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය.
ඒ අනුව එම තීන්දුව ලබන 18 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි කථානායකවරයා පැවසුවේය.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ද පැවැත්වීමට තිබුණේ ඊයේ දිනයේදීය.
එම පනත් කෙටුම්පත පිළිබදව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයාට පෙරේදා (04) ලැබෙනන්ට නියමිතව තිබිණි. ඒ පිළිබඳ විවාදය පැවැත්වීමට ඊයේ (05) දින නියම වී තිබිණි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රමාද වීම නිසා විවාදය ඊයේ නොපැවැත්වීමට පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළේය.
පාර්ශව කීපයක් විසින් ගොනුකළ පෙත්සම් පෙත්සම් සලකා බැලුණේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.

Exit mobile version