පොලොන්නරුව මහ රෝහලේ ඔක්සිජන් සිලින්ඩර 80ක් සොරකම් කළ රෝහල් සේවකයා අත්අඩංගුවට…

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව මහ රෝහලේ, පිරවු හා හිස් ඔක්ස්සිජන් සිලින්ඩර් අසූවක් සොරකම් කර පිට පළාත්වලට විකුණු එම රෝහලේ ඔක්ස්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්ය සහායකයා ඇතුළු හයදෙනකු, ලොරි රථයක් සමග අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට ගත් ඔක්සිජන් ටැංකි….

ප්‍රධාන සැකකරුවා පොලොන්නරුව පලුගස්දමන ප්‍රදේශයේ පදිංචි, 43 වියති අයෙකු වන අතර සෙසු සැකකරුවන් හෙයියන්තුඩුව සහ රාජගිරි‍ය ප්‍රදේශයේ පදිංචි, ඔක්ස්සිජන් සිලින්ඩර් දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝහල්වලට සැපයුම් කරන පුද්ගලික ආයතනයක සේවකයින් බව පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.පී. ආර්.කේ. ජාගොඩගේ   අප කළ විමසීමකදී පැවසීය.

පොළොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහ රෝහලේ ඔක්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්යය සහායකයා අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මෙම ජාවාරම හෙළි වී ඇති බව පොලිසිය කීවේය.

පොළොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන පැමිණිල්ලට අනුව  2020 මාර්තු මාසයේ  සිට මේ දක්වා,  රෝහලේ  ඔක්සිජන් සිලින්ඩර් 208 ක් අතුරුදන් වී ඇතැයි  පරීක්ෂණ ආරම්භ කර ඇති පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි, ඔක්සිජන් සිලින්ඩර  80ක් සොරකම් කිරිම සම්බන්ධව මෙම රෝහල් සේවකයා අත්අංගුවට ගන්නේ එම පරික්ෂණයට අදාලවය.


පොළොන්නරුව මහ රෝහලේ ඔක්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්ය සහයකයා එක් ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් 30,000 ටත් 40,000 කටත් අතර මිලකට  ඔක්සිජන් සැපයුම්කරුවන්ට අලෙවි කර ඇත.

පරික්ෂණ කණ්ඩායමේ පිරිසක්…

එම ඔක්සිජන් ටැංකි වෙනුවෙන්  ඔක්සිජන්    සැපයුම්කරුවන් සෞඛ්‍ය කාර්යය සහායකයාගේ පෞද්ගලික ගිණුමට රුපියල් ලක්ෂ දාහතරක මුදලක් බැරකර ඇතැයි මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ,

අත්අඩංගුවට ගත්ත සැකකරුවන් හෙට (07)  පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම්ට නියමිතව ඇතැයි කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලොන්නරුව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ   උපදෙස් මත පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරී චානක ද සිල්වාගේ මෙහෙයවීමමෙන්, පොලොන්නරුව කොට්ඨාස  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජේ. පී,ආර්.කේ. ජාගොඩගේ  ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ටී බණ්ඩාර,  පොලිස් සැරයන් 42229 රංග, 68973 අතාවුද, පොලිස් කොස්තාපල් 29739 බණ්ඩාර, 34968 නිශ්ශංක යන පොලිස්   නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

 

Exit mobile version