පොඩි ලැසී නඩුව මැයි 07ට කල් යයි…

Podi-Lesi

පොඩි ලැසී ගාල්ල උසාවියට පැමිණෙන අයුරු

ගාල්ල – ලලිත් චාමින්ද

ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම  සම්බන්ධයෙන්   දෙවැනි චුදිතයා  ලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි නමැත්තාට එරෙහිව විභාගවන නඩුව  මැයි මස 07 වැනි දින දක්වා   කල්තැබිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල   අද (29) නියෝග කළේය.

නිතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඉදිරි ප්‍රගතිය වාර්තා කිරීමට  කටයුතු  කරණ බව  අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණි නිලධාරියා අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙකී නඩුවේ දෙවන චුදිතයා ලෙස නම්කොට සිටින අරුමා හන්දි ජනිත් මධුසංක හෙවත් පොඩිලැසි හා  පළමු චුදිතයා ලෙන නම්කොට සිටින  කොස්ගොඩ තාරක නැමැත්තා  අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව යටතේ රඳවාගෙන  විමර්ශන කටයුතු සිදුකරගෙන යයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා වසංගත තත්වය හමුවේ පොඩිලැසි අද (29) අධිකරණයට ඉදිරිපත්   කිරීම සඳහා රැගෙන එනු නොලැබිය.

 

 

Exit mobile version