පෙරේදා පමණක්  වාර්තා වුණු ළමා දූෂණ හා අපචාර 12යි… පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි!

ලලිත් චාමින්ද –

එක් දිනක් තුළ මෙරට  ස්ත්‍රි දුෂණ හා ළමා අපචාර 12ක් වාර්තා වි ඇති  අතර මේ නිසා  පැය 24 පුරාම  දෙමව්පියන් දරුවන් කෙරෙහි අවධානයෙන්  සිටිය යුතු බැව් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව  ඊයේ (18) යක්කලමුල්ලේ දි පැවසිය.

.යක්කලමුල්ල උඩුමලගල ථෙතිහාසික ශ්‍රි ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ වාහල්කඩ සම්බුදු සසුනට පුජා කිරිම නිමිත්තෙන් පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

“මා විසින් පොලිස් වාර්තා නිරික්ෂණය කිරිමේ දි පසුගිය 17 වැනිදා ස්ත්‍රි දුෂණ හා ළමා අපචාර සිද්ධින් 12ක් වාර්තාවෙලා තිබුනා. මේවා  පසුගිය කාලවකවානුව තුළ වු සිද්ධින් වුවත් වාර්තාවුයේ  17 වැනි දා.  ස්ත්‍රි දුෂණ හා ළමා අපචාරවලට ලක්වු 12නාම වයස අවුරුදු 16ට අඩු දරුවන්. මින් දරුවන් 06 දෙනෙකු ප්‍රේම සම්බන්දතා නිසා තමයි අපචාරවලට ලක්වෙලා තිබුණේ.


අනික්  සිද්ධින් 06 බලහත්කාරයෙන් වු ස්ත්‍රි දුෂණ. එක ස්ත්‍රි දුෂණයක් සිදුවෙලා තිබුණේ 2009  වර්ෂයේ දි. නමුත් වාර්තාවෙලා තිබුණේ මෙම වර්ෂයේ දි. මේ දරුවන් අතර වයස අවුරුදු 04ක දරුවෙකුද අපයෝජනයට ලක්වෙලා තිබුණා. පියෙකු විසින් තම දරුවන් දෙදෙනාම දුෂණය කරලා  තිබුණා.

සමාජය  කොතනද තියෙන්නේ කියලා බලන්න.  ශෝකාන්තයක් තමයි තියෙන්නේ. අපිට පුරසාරම් දොඩන්න බැහැ. සමාජය නිර්මාණය කරන්නේ දරුවන්. අපේ අනාගතය  තමයි දරු පරපුර. මේ දරුවන් සුරක්ෂිත කළ යුතුයි. රජයේ නිලධාරින්ට පමණක් මේ කාර්ය කරන්න බැහැ. දරුවන් සුරක්ෂිත කරගැනිම දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ වගකිමක්. පැය 24 පුරාම දෙමව්පියන් දරුවන්  කෙරෙහි අවධානයෙන්  සිටිය යුතුයි. එක් සිද්ධියකින් මුළු පවුලම ශෝකාන්තයක් වෙන්න පුළුවන්. හික්මිම  ජිවිතය හැඩගැස්විම සදහා දහම්පාසල්  අධ්‍යාපනය ඉතා වැදගත්”   පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලසුන ගහලකොළදිනය  ගුණවර්ධානාරාමාධිපති  යටලමත්තේ ධම්මජෝති  නාහිමියන් විසින්  ඉසිලු අතර  මෙම  අවස්ථාවට  තෙල්ලඹුර පුෂ්පාරාමාධිපති පරිවෙනාධිපති පලල්ලේ සරණජෝති, උඩුමලගල ඓතිහාසික ශ්‍රි ගංගාරාම පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති    පනංගල චන්ද්‍රවංශ හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩමකොට සිටි  අතර මෙම අවස්ථාවට ගාල්ල කොට්ඨාසභාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි මයුර පෙරේරා, සහකාර පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ, යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් නිලංගි ඩයස්, යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන හේවගේ, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි සුමනසිරි ලියනගේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Exit mobile version