දිනසේන රතුගමගේ –
යුද හමුදාව විසින් පවත්වා ගෙන යන වවුනියාව පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථනයේ නිරෝධායනය වෙමින් සිටියදී පලා ගිය බවට නිවේදනය කළ පුද්ගලයා යුද හමුදාව විසින් මහත් පරිශ්‍රමයක් දරා ඊයේ (12) මන්නාරමේදී අත් අඩංගුවට ගෙන තිබේ.
පසුගිය අගෝස්තු 31 දා කටාර් රාජ්‍යයේ සිට පැමිණ යුද හමුදාවෙන් අධීක්ෂණය වන පොම්පමඩු පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ඔහු නිරෝධායනය වෙමින් සිටියේය. ඔහු පසුගිය 11 දා රාත්‍රියේ එම කඳවුරෙන් පලා ගොස් තිබිණි.
යුද හමුදා නිලධාරීන් ඔහුව සෙවීමේ කටයුතු දිගින් දිගටම ක්‍රියාත්මක කළේය. අනතුරුව ඔහුව මන්නාරම සවුත්බාර් දුම්රිය ස්ථානයක සිටියදී අත් අඩංගුවට ගෙන ආපසු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන විත් තිබේ.
පලාගිය පුද්ගලයාව යළි පී.සී.ආර්.පරීක්ෂණයකට යොමු කොට ඇත. ඔහු මාදම්පේ නෙළුම්පොකුණේ පදිංචි ඒ. වී. නුවන් ගුණවර්ධන නැමැති අයෙකි.