පුත්තලම නගරාධිපතිවරයාගේ මරණය සම්බන්ධව පුද්ගලයන් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



හදිසි අනතුරකින් මිය ගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු, නියෝජ්‍ය ඇමතිවරයෙක් වූ වත්මන් පුත්තලම නගරාධිපති කේ.ඒ.බායිස් හදිසි අනතුරකින් මිය යෑමේ සිද්ධිය සම්බන්ධව සම්බන්ධව පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.

මේ සම්බන්ධව නගරාධිපතිවරයා ගමන්ගත් කැබ් රථයේ රියදුරු හා ඔහු සමග ගමන් කළ තවත් දෙදෙනකු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

වනාතවිල්ළුව රාල්මඩුව ප්‍රදේශයේ පිහිටි නගරාධිපතිවරයාට අයත් පුද්ගලික ඉඩමට ගොස් පුත්තලම නිවසට එන අතරතුර එළුවම්කුලම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් නගරාධිපතිවරයා මිය ගොස් තිබිණි.

ඔහු ගමන් කරමින් සිටි පුත්තලම නගර සභාවට අයත් නිළ කැබ් රථය පොලිස් භාරයට ගෙන ඇත.

නගරාධිපතිවරයා රථයේ පිටුපස (තට්ටුවේ) වාඩිවී ගමන් කරමින් සිට ඇති ඇති බවත්, කැබ්රථය අතුරු මාර්ගයෙන් පුත්තලම එළුවන්කුලම මාර්ගයට පිවිසෙන අවස්ථාවේ ඔහුව සිටි තැනින් විසි වී ගොස් බිමට වැටී මුහුණ වැදී තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් ඇති බව දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබේ

Exit mobile version