පැදුරටත් නොකියා ඇෆ්ගනිස්ථානයෙන් පිටත්ව ගිය ඇමරිකානු හමුදා

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා රැදීසිටි විශාලතම කඳවුර වූ බැග්‍රම් වෙතින් කිසිම දැණුම් දීමකින් තොරව රාත්‍රියේ හොර රහසේම ඇමරිකානු හමුදා සමාජිකයින් පිටව ගොස් ඇති බව ඇෆ්ගනිස්ථාන හමුදා ප්‍රධානියා චෝදනා කරයි.

ජෙනරාල් අසඩුල්ලා කොහිස්ටානි බීබීසී පුවත්සේවයට ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු බට පිරිස් ඉකුත් සිකුරාදා අළුයම 3ට පමණ කිසිම දැණුම් දීමකින් පිටව ගොස් ඇති බවත් ඉන් පැය කිහිපයට පසුව ඒ පිළිබඳ තම හමුදා දැණුම්පත් වූ බවයි.

මෙම කඳවුරු තුල කුඩා සිරි කඳවුරක්ද පවත්වාගෙන ගොස් ඇති අතර එහිද තලේබාන් සිරකරුවන් 5000ක් පමණ ඒවන විටත් එහි රඳවා සිට ඇති වීමද විශේෂත්වයක්.


ඒ අනුව ඉදිරියේදී මෙම කඳවුරු තලෝබාන් සටන්කාමීන්ගේ ප්‍රධාන ඉල්ලක්කයක් වනු ඇති බවට තමන් විශ්වාස කරන බව ජෙනරා්ල් කොහිස්ටානි ප්‍රකාශ කර තිබේ.

“අපිට උදෑසනට 7ට පමණා ඇමරිකානු හමුදා කඳවුරෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වුන බවට ආරංචි වුනා. ඔවුන් අළුයම 3ට පමණ තමයි පිටත්ව ගිහින් තියෙන්නේ. දැන් කඳවුරේ සම්පූර්ණ පාලනය අපි සතුවයි තිබෙන්නේ.” යනුවෙන් ජෙනරාල්වරයා ප්‍රකාශ කර ඇත.

“කඳවුරු වටේ ආරක්ෂාවට සිටිය ඇෆ්ගනිස්ථාන හමුදා සාමාජිකයින්ටවත් නොදන්වා තමයි ඇමරිකානුවන් පිටත්ව ගිහින් තියෙන්නේ. අවුරුදු 20කට වැඩි කාලයක් ඇති කරගත්ත හොඳ හිත ඔවුන් එක් රැයකින් නැති කර ගත්තා” ඇෆ්ගන් හමුදා සාමාජිකයෙන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු හමුදාව මෙතෙක් කිසිම ප්‍රකාශයක් කර නොමැත. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට ඇෆ්ගනිස්ථාන හමුදා සාමාජිකයින් මේ සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේවන විට තලේබාන් බලය ඇෆ්ගනිස්ථාන පුරා වර්ධනය වෙමින් පවතින අතර එය එරට ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටී.

Exit mobile version