පාසල් අරින්නට පෙර පිරිසිදු කරන වගකීම පොහොට්ටුව අතට ගනී

AGA ඔෆීස්වල සිටි අභ්‍යාසලාභී උපාධිධාරී තරුණ තරුණියන් කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවලට කැඳවයි...

දීර්ඝ කාලයක් වැසී තිබුණ පාසැල් ලබන 21 වැනිදා විවෘත වන අතර ඒ සඳහා පාසල් පිරිසිදු කිරීමේ කටයුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන්, ක්‍රියාකාරිකයින්, තරුණ පිරිස් විසින් ඉටුකරන බව එම පක්ෂය අද නෙළුම් මාවතේ දී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

නෙළුම් මාවතේ පැවති මෙම විශේෂ සාකච්ඡාවේ  දී පොදුජන පෙරමුණේ ලේකම්  සාගර කාරියවසම් මේ බව ප්‍රකාශ කළේය.  ඔහු කීවේ එම වගකීම පක්ෂය භාරගෙන ඇති බවය.

එමෙන්ම මේ වනවිට ප්‍රාදේශීය ලේකම්කාර්යලවල පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරී තරුණ තරුණියන්ට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත වාර්තා කරන ලෙස දැනුම් දීමක් කර ඇතැයි වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තව දෙදිනක් ඇති බැවින් 21 දා පාසල් විවෘත කර දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ආකාරය ගැන දැනුම්වත් කිරීමට නියමිතව ඇතැයි පැවසේ.

Exit mobile version