අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් ක්‍රියාත්මක වූ පළාත් අතර බස් රථ සහ දුම්රිය ධාවනය හෙට(17) දිනයේ සිට නැවත අත්හිටුවා තිබේ.
රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසන්නේ අගෝස්තු මස 1 වනදා මෙය අත්හිටුවා ඇති බවයි.
පසුගිය 14 වනදා සිට ආරම්භ කළ අන්තර් පළාත් දුම්රිය හා බස් සේවා ලබා හැකිව තිබුණේ අත්‍යාවශ්‍ය සේවා සඳහා රාජකාරි කරන අය පමණයි.
පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා පිට පළාත් වල සිට දුම්රිය හතක් පසුගිය 14 වැනි දින සිට කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබුණි.
දිස්ත්‍රික් කිහිපයක් තවත් ඩෙල්ටා කොවාඩි ප්‍රභේදය ආසාදිතයන් හමුවී ඇති අතර අද ධාවනය වීමට නියමිත දුම්රිය වාර කිහිපයක් අවලංගු කෙරුණේ දුම්රිය සේවකයන් කිහිපදෙනකු ද ආසාදිතයින් බවට හදුනාගැනීමෙන් පසුවය.