පරිසර ආරක්ෂාව ගැන චන්ඩි පාට් දමමින් ලෝකයට පොරටෝක් දෙන ජනාධිපති රටේ පරිසරය රකින හැටි රාසමාණිකකම් ලෝකයට හෙළි කරන්න යයි!

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් එහි සභාපතිවරයාටත් පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එල්ල කර ඇති පිටු තුනක චෝදනා පත්‍රය සම්බන්ධව ක්‍රියාත්මක නොවන්නේ නම් තමන් අන්තර්ජාතික මාධ්‍ය සාකච්ඡාවක් කැඳවන බවත්, කොප් 27 සමුලුවට ගොස් දකුණු ආසියාවේ පරිසර හානිය ගැන  ලෝකය වටේ රටවල්වලට   තර්ජනය කරමින් පොරටෝක් දෙන ශ්‍රි ලංකාවේ   ජනාධිපතිවරයා තම පරිසර අමාත්‍යාංශයේ ලේකම් වරයා එම අමාත්‍යාංශය යටතේ ඇති දූෂිතම ආයතනයක අධ්‍යක්ෂ ජනරාල්ට  එරෙහිව එල්ල කරන චෝදනා සම්බන්ධ හෝ ක්‍රියාත්මක නොවන්නේ යැයි  ලෝකයට හෙලි කරන බවත්,  දෙමළ සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් අද (02) පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.  

ඔහු ප්‍රකාශ කළේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සත්ජන ද සිල්වාට අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරන  පිටු තුනක දූෂණ චෝදනා සහිත වාර්තාව ලැබුණු බව  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ   සභාපතිවරයා හරහා දන්වන ලෙස දැනුම් දී ඇති බවය.

එහෙත් මේ කියන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ   සභාපතිවරයාවන එස‍්.එච්.පී මංජුල යනු ෂාෆි නගර් ප්‍රදේශයේ වැලි කියුබ් ලක්ෂයක් පැටවීම සඳහා බලපත්‍ර ලාභී බිස්නස් කාරයෙක් බව මන්ත්‍රීවරයා ලිපි ලේඛණ සහිතව පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

එහෙම වෙන්නෙ කොහොම ද?. මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය. සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ගේ තත්ත්වය මෙය නම් ආයතනය කෙසේ දැයි ජනතාවට සිතාගත හැකි බවත් ඔහු පැවසුවේය.


රාසමාණික්කම් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

මගෙ අතේ තියෙන්නෙ භූ විද්‍යා පරීක්ෂණ හා පතල් කාර්යාංශයෙ අධ්‍යක්ෂ ජනරාල්වරයාට  22/11/29 දින යවපු චෝදනා පත්‍රයක්. චෝදනා පත්‍රයට අත්සන් කරලා තියෙන්නෙ පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ.

මේ අධ්‍යක්ෂ ජනරාල්  ඩී.සත්ජනද සිල්වා. ඔහුව පත් කරන්නෙ  එස්එම් චන්ද්‍රසේන ඇමතිවරයාගෙ කාලෙදි තාවකාලිකව. ඔහුගේ වැලි බිස්නස්වලට උදව් කරන්න හිටපු ජනාධිපතිගේ ලේකම්වරයෙක් වූ සුගීෂ්වර බණ්ඩාර එකතු වුනා.

“මේකෙ තියන සුවිශේෂීම කාරණාව කියන්නම්.   මෙම චෝදනා පත්‍රයේ  හත්වෙනි කාරණාවෙදි ලේකම්වරයා කියනවා මෙහෙම. “මෙම චෝදනා පත්‍රය ලැබුණු බව භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා මගින් මා වෙත දන්වා එවන්න. “

මේ සභාපතිවරයා කවුද.

එම ආයතනයේ හිටපු සභාපති තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමය හරහා යෝජනා කළ අනුර වල්පොල.

2022දි පෙබරවාරි මාසයෙදි  කෝප් කමිටුවට භූ විද්‍යා හා පතල් කාර්යාංශය කැඳෙව්වා.  කෝප් එකට එන්න කලින්  අනුර වල්පොල සභාපතිවරයා  අයින් කළා.  අලුත් සභාපතිවරයෙක් පත් කළා. ඔහු තමයි එස්.එච්.පී මංජුල.

එස්.එච්.පී මංජුල කවුද?.  ෂාෆි නරගර් කියලා තියනවා ප්‍රදේශයක්. ඒ ෂාෆි නගර්වල තියනවා වැලි කැණීම් කරන්න පුලුවන්  හෙක්ටරයාර 28ක්. වැලි කියුබ් ලක්ෂයකට වැඩිය ගන්න පුලුවන්.

මේ සභාපති තමයි ඒ වැලි කොන්ත්‍රාත් එකේ ප්‍රධානම පාර්ශවකරුවා.   සභාපතිට තියනවා  අප්ටවුන් වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා ආයතනයක්.  භූ විද්‍යා පරීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති එස්.එච්.පී මංජුල ෂාෆිනගර්වල  වැලි කියුබ් ලක්ෂයක් පටවන්න පර්මිට් එකක් දාගත්තු පුද්ගලයෙක්.

එයාගෙ පර්මිට් අංකය TDL/B/PM/0351ක.  අප්ටවුන් වෙන්චර්ස් ආයතනය තියෙන්නෙ එයාගෙ  නමට.

කෝප් කිමිටුවෙ මේ ගැන සභාපති මංජුලගෙන් ප්‍රශ්න කරනවා. ඔහු කියනවා මා දැන් අප්ටවුන් වෙන්චර්ස් එකේ නෑ. මම එකේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්වුනා කියලා.

එයා අධ්‍යක්ෂ මණ්ලයෙන් ඉවත්වුනාට ඊලඟ පර්මිට් එක තියනවා වැලි ගබඩා කරන්න එයාගෙ නමට. Uptown Ventures /HSB MANJULA/TDL/D/TM/ 0374.  තමයි පර්මිට් අංකය.  ඒ පර්මිට් එක තියනවා නොවැම්බර් මාසෙ  09දා  වෙනකම්. ඒ කියන්නෙ දැනට දවස් තිහකට ආසන්න කාලයක් දක්වා ඔහු වැලි බිස්නස් එකට සම්බන්ධයි.

ගරු ජනාධිපති තුමා කොප් 27ට ගිහින්  පරිසරය හදන හැටි කියනවා. පොරටෝක් දෙනවා පරිසරය හදන්න විදේශික රටවල් සහයෝගය දුන්නෙ නැතිනම් මේකට ඔයගොල්ල වගකියන්න ඕන කියලා.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් තුමා  සභාපති වරයාට ලියුම ලියලා තියෙන්නෙ  මේ අධ්‍යක්ෂ ජනාරල් ගැන ඇක්ෂන් එකක් ගන්න කියලා.

අමාත්‍යතුමා  අමාත්‍යංශය වශයෙන් මේ අධ්‍යක්ෂ ජනාරල්ව වැඩ තහනම් කරන්න. සභාපතිවරයා සම්බන්ධව පරීක්ෂණයක් තියන්න.  දවස් 15ක් දෙන්නම්. එහෙම වැඩක් කරන්නෙ නැනතිනම් මා ජාත්‍යාන්තර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා ලෝකයට කියනවා මේ රටේ වැඩ ගැන.

ජනාධිපතිතුමාට  ලෝකෙ වටේ රටවල්වලට තර්ජනය කරමින් යනවා පරිසර හානියෙ වගකීම ගැන. ලෝකයෙ රටවල් වලට චන්ඩි පාට් දාන ගමන් ලංකාවෙ පරිසර අමාත්‍යාංශයෙ  පරිසර ලේකම් තුමාගෙ නියෝගයක්වත් මේ රටේ ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියලා මං ලෝකයට කියනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරුන් ගොඩක් අයට පර්මිට් තියනවා. ඒක ගැටලුවක් නෑ. ඒත් අපි දූෂණය ගැන කතා කරනවා නම් පහළ ඉඳන් ඉහළට ගිහින් වැඩක් නෑ. ඉහළ ඉඳන් පහළට එමු.

Exit mobile version