නුවර සුප්‍රකට හිමිනමකගේ සුඛෝපභෝගී රියෙන් අරක්කු තොගයක් ඇද්ද රියදුරු අත්අඩංගුවේ….

මහනුවර ප්‍රදේශයේ සුප්‍රකට නායක හිමි නමකට අයත් අධි සුඛෝපභෝගී ජීප් රථයෙන් රජයේ සීල් අරක්කු බෝතල්  25ක්  ප්‍රවාහනය කළ පුද්ගලයෙක් ඊයේ සවස ( 20 ) මැණික්හින්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත් ඔහු මෙම හිමිනමගේ රියදුරු ලෙස කටයුතු කරන බවත් වාර්තා වේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ පොලිසිය විසින් සිදුකළ හදිසි වැටලීමක දී ය.


මේ වනවිට එම සුඛෝපභෝගී ජිප් රථය සහ අරක්කු බෝතල් තොගය මැණික්හින්න පොලිස් අත්අඩංගුවේ  පවතී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය පිළිබඳ මැණික්හින්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  අනිල් ආරියවංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version