නිවස ගිලාබැසීමට කුණඩසාලේ භූ කම්පනය සම්බන්ධ දැයි සෙවිය යුතුයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ මහචාර්ය අතුල සේනාරත්න කියයි....

බිඳවැටුණු නිවස

බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස්මහල් ලෙව්කේ මන්දිරය ගිලා බැසීමත්  පසුගිය දිනවල කුණ්ඩසාලේ ආශ්‍රිතව සිදුවූ භූ කම්පනත් අතර සම්බන්ධයක්  තිබේදැයි යන්න සොයා බැලිය යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ මහචාර්ය අතුල සේනාරත්න   පැවසුවේය.

මේ දිනවල පවතින අධික වර්ෂාවත්, භූ චලනයක් සමග පොළොව අභ්‍යන්තරයේ ඇතිවන පැලීම් හෝ වෙනස් වීම් සමග අභ්‍යන්තරයේ සක්‍රීයවන ජල ධාරාවල බලපෑමත් නිසා ගොඩනැගිලි කඩා වැටීමේ අවදානමක් පවතින බව මහාචාර්ය වරයා පැහැදිළි කළේය.

කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ මහනුවර දිස්ත්‍රික් භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය ලංකාසරට පැවසුවේ  මේ නිවස තනා ඇති නිම්නාකාර භූමියට ගැලපෙන ලෙස එහි ඉදිකිරීම් සිදුකර නැති බවය.


බිඳ වැටෙන්නට පෙර ලෙව්කේ මැදුර

“ නිවසේ වම්පසින් උඩවත්ත කැලේ සිට ගලා එන ස්වභාවික ජල ධාරාවක් තියනවා…  ඒ ජල දහරාවට මේ ගෙදර පාදමේ තියන කොන්ක්‍රීට් කණු දැනට මාස කීපයක සිට පෑදී තිබුණ බව වාර්තා වෙනවා. මේ ඉදිකිරීම කරලා තියෙන්නෙ වසර 2005 දි. ඔවුන් එය ඉදිකරලා තියෙන්නෙ නගරසභාවෙන්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය වැනි විද්‍යාත්මක ආයතනවලින් ලබාගත් නිශ්ඡිත නෛතික අවසරයකින් නොවන බවයි පෙනී යන්නෙ. මොකද මේ ඉදිකිරීම සිදුවන්නෙ නිම්නාකාර භූමියක මහල් නිවාසයක් ඉදිකරනකොට සැලකිලිමත් විය යුතු කරුණු කිසිවක් ගැන සැලකිලිමත් වෙලා නෑ.“ භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය පෙන්වා දුන්නේය.

බිඳවැටීමේ අවදානමක් සහිත ඉදිකිරීම්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි අස්ථාවර ඉදිකිරීම් ගණනාවක් බූවැලිඩ, අනියවත්ත, හන්තාන, ප්‍රිම් රෝස් වැනි ස්ථානවල පවතින බවත් මේ ඉදිකිරීම් හරහා සිදුවන්නේ ස්වභාවික විපත් නොව නිර්මාණය කරගන්නා විනාශයන් බවත් ක්ෂේත්‍රයේ ප්‍රමාණිකයන් පෙන්වා දෙන්නේය.

Exit mobile version