නිරෝධායන නීති කඩා චන්දිමාල් ජයසිංහ ෂැංගිලා හෝටලේ දැමූ සාදයේ විස්තර මෙන්න

රූපලාවණ්‍ය ශිල්පියකු සහ ප්‍රසිද්ධ ඉසව් සංවිධායකයකුවන චන්දිමාල් ජයසිංහගේ උපන් දිනය නිමිත්තෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ 10වැනි මහලේ සුපිරි විශාල සූට් වර්ගයේ කාමරයක් වෙන් කරගෙන ඇති අතර නිරෝධායන නීති කඩවන ආකාරයෙන් පැවති මෙම උපන් දින සාදය හෝටල් කළමනාකරීත්වයේ පූර්ණ අනුදැනුම මත සිදුව ඇතත් මේ වනතෙක් එම හෝටලයට අදාළ ව කිසිදු පොලිස් විමර්ශනයක් හෝ නෛතික පියවරක් ගෙන නොමැති බව වාර්තා වේ.

මෙම හෝටලයේ දස වැනි මහළේ පිහිටි සුඛොපබෝගි (සූට්- Suite) කාමරයක් චන්දිමාල් ජයසිංහ නමින් වෙන්කරවාගෙන ඇත්තේ පෙරේදා වන අතර ඊයේ පෙරවරු (10) සිට මධ්‍යම රාත්‍රිය වන තුරු 200කට අධික සංඛ්‍යාවක් මේ ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වේ.


මෙම සාදය සඳහා කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ බිරින්ඳෑවරුන්ද වරින් වර පැමිණ තිබේ. ඔවුන්ට විවිධ ආහාර පාන සංග්‍රහ කර ඇති අතර මෙසේ සිදුව ඇත්තේ සංචරණ නීති දැඩිසේ ක්‍රියාත්මක වූ පසුබිමක් තුළ වීම චන්දිමාල් ජයසිංහ අත්අඩංගුවට ගැනීමට බලපෑ කරුණ විය.

පොලිසිය මෙම ස්ථානයට ගොස් අත්තේ මධ්‍යම රාත්‍රියට ආසන්නවය.   ඒ සමගම පැමිණ සිටි පිරිසෙන් කොටසක් පොලිස් ඇසින් වසංන් කොට පිට කර තිබේ. එහිදී දස දෙනෙක් පමණ අදාළ කාමරය තුළ රැඳී සිට ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස් කොට තිබේ.

රුපියල් පනස් ලක්ෂයක පමණ වියදමක් දරා ඇති මෙම උපන් දිනයට පැමිණි සෑම අමුත්තකුටම විශාල ප්‍රමාණයේ මුදල් ත්‍යාග ලබා දී ඇති බවද විශ්වාස කටයුතු ආංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

සංචරණ නීති ක්‍රියාත්මක වූ අවස්ථාවල නිති විරෝධි ආකාරයේ මෙවැනි ඉසව් සංවිධානය කළ උත්සව ශාලා සහ හොටල් සීල් තැබීමට හෝ ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු යෙදුණද මෙම පුවත පළවන මොහොත වන තෙක් එම පියවර ගෙන නොතිබිම මේ වනවිට කතා බහට ලක්ව තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීන සමාගමකට අයත් ෂැංග්‍රිලා ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේ පසුගියදා සීනි වංචාවක් සම්බන්ධයෙන් නම කියවුණු පිරමිඩ් විල්මාර් සමාගමේ සභාපති සජාන් මවුසුන් ය.

Exit mobile version