නිරෝධායන නීති කඩකර සේවයේ යෙදවූ රියදුරා නිසා පළාතම කොවිඩ් අනතුරක..

බෝගම්බර රැඳවියන් පොකුරේ ආශ්‍රිතයෙක් වූ යටිනුවර ඩිපෝවේ රියදුරක් කොවිඩ් 19 වෛරසය ආසාදනය  වී ඇති බවට අස (15)  තහවුරු වීමත් සමඟ ඩිපෝවේ සේවයේ නියුතු සේවක පිරිස අවදානමට ලක්ව සිටිති. 

කෑගල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පසු දිනදහහතරක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති මෙම රියදුරු නිරෝධායනය සදහා මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයට  යවා ඇත. ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු  වන්නේ සේවයට පැමිණ සිටියදීය.  බෝගම්බර කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමග මෙම රියදුරු යටිනුවර ඩිපෝවේම රදවා නිරෝධායනය කල බවද දැන ගන්නට තිබේ. 

නැවත සේවයට පැමිණි විට ඔහු තවත් දින දහහතරක් නිවසේ රඳවා නිරෝධායනය කරන ලෙස සෞඛ්‍ය උපදෙස් ලබා තිබියදීත් මෙම රියදුරු සේවයට යෙදවිම මත මෙලෙස තත්ත්වය බරපතල වී ඇතැයි වාර්තා වේ. 


මේ වන විට එම රියදුරුගේ දෙවන පෙළ ආශ්‍රිතයන් දහ දෙනකු හඳුනා  ගෙන ඇති අතර ඔවුන් නිවෙස් වෙත යවා නිරෝධායනයට යොමු කිරිමට ඩිපෝ අධිකාරිවරයා පියවර ගෙන ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙවන පාර්ශවය ලෙස හඳුනාගෙන ඇති දස දෙනා නිරෝධායනය සඳහා සෞඛ්‍යය උපදෙස් පිට ලංකා ගමනා ගමන මණ්ඩලයේ සංචාරක නිකේතනයක් වෙත යොමු කිරීමට කටයුතු කර ඇතැයි. මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ ලංකාසරට පැවසීය.

 

 

Exit mobile version