නින්දවූර් ජල පිරිපහදු මධ්‍යස්ථානය ගෑස් වැනි යමක් කාන්දු වෙයි – අරෆා විදුහල වසා දමයි

සමන්තූර පොලිස් බල ප්‍රදේශයේ ඒ.සි. පාර නින්දවූර් හි පිහිටි කල්මුණේ අරෆා විදුහල අසල පිහිටි ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ජලය පිරිසිදු කිරීමට යොදාගන්නා ක්ලෝරීන්වලින් ඇතිවුණු ගෑස් වැනි යමක් පිටතට කාන්දු වීම නිසා 23 දින උදෑසන අරෆා විදුහල වසාදමා සිසුන් නිවෙස්වලට පිටත් කර යවා තිබේ.

පාසල ආරම්භ වී මද වේලාවක් යනවිට සිසුනට හුස්ම ගැනීමට අපහසු වීම නිසා ආසන්නයේ ඇති ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් ගෑස් වැනි යමක් පිටවෙන බව දැක විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය විසින් පාසල වසා දමා තිබේ. මෙම විදුහලේ සිසුන් 381 දෙනෙකු ඉගෙනුමෙන් ලබමින් සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවට පදිංචි පුද්ගලයින්ට මෙම නිසා කිසිදු හානියක් සිදුව නොමැති අතර මේ වනවිට එම තත්ත්වය පාලනය කර තිබේ.


Exit mobile version