නැවේ ගින්න වැඩිවේ ! පිරිරීමකින් දෙදෙනෙකුට තුවාල

කීර්ති ප්‍රනාන්දු –

කොළඹ වරායට ඔබ්බේ මුහුදේ නැංගුරම් ලා තිබියදී ගින්නකට මුහුණ දී සිටින රසායන ද්‍රව්‍ය පිරවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවූ පිරිරීමකින් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

නැවේ ගින්න තවදුරටත් පැතිරෙමින් පවතින අර නැව අස්ථාවර තත්තවයකට කෙමෙන් පත්වෙමින් පවතිනඅ තර එහි සිටින 25 දෙනකුලෙන් සමන්විත ාර්ය මණ්ඩලය නැවෙන් ඉවත් කර ගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

රසයන ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අනතුරට ලක් වූ මෙම නෞකාවේ ගින්න දැනට දින කිහිපයක් තිස්සේ පැතිරමින් පවතින අතර ආරංචි මාර්ග සඳහන් කරන්නේ නැවේ ගබඩා කර තිබූ භාණ්ඩ කන්ටේනර් කිහිපයක්ද මේ වනවිට මුහුදට වැටී ඇති බවයි.

මේ අකර ගුවන් හමුදාවේ බෙල් 12 වර්ගයේ හෙලිකොප්ටරයක් මඟින් නැවට රසායන ද්‍රව්‍ය ඉසීමද ආරම්භ කර තිබේ.

සිදුවෙමින් ඇති ව්‍යසනය – ඡයාරූප ගුවන් හමුදා මාධ්‍ය අංශය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඡායාරූප – ගුවන් හමුදා මාධ්‍ය අංශය

Exit mobile version