නාකොටික්ලාගෙන් කුඩු ගත්තු ගොඩක් අය පළා ගිහින්

මත්කුඩු ජාවාරමකට සම්බන්ධවීම හේතුවෙන් මේ වනවිට අත්අඩංගුවේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් විකුණන ලද මත්ද්‍රව්‍ය මිලදී ගත් කුඩු ජාවාරම්කරුවන් රැසක් මේ වනවිට තම පදිංචි ස්ථාන අතහැර ගොස් සැඟවී සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසර ට පැවසීය.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම ජාවාරම්කරුවන්ගේ තොරතුරු මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් විසින් හෙළිකර ගෙන ඇති බවත් ඔවුන් අත්අඩජංගලුවට ගන්නා තෙක් මෙහෙයුම් ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය.


මීට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගබඩාවක්ද ඊයේ (09) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබේ.
එහි තිබී රස පරීක්ෂක කාර්යාලයට ඉදිරිපත් නොකළ මත්කුඩු තොගයක්ද සොයා ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම මත්කුඩු එහි ගබඩාකර තිබී ඇත්තේ නිසි ලේඛන ගත කිරීමකින් බවත් එම මත්කුඩු අතරින් කිලෝ 300 කට වැඩි ප්‍රමාණයක් ඊයේ (10) රස පරීක්ෂක කාර්යාලයට භාරදුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Exit mobile version