නර්ථන කණ්ඩායමක තරුණ දරුවන්  10ක් අනතුරට ලක් වෙයි… රියදුරු සමග 11ක් රෝහලේ…

බණ්ඩාරවෙල ප්‍රදේශයේ  විහාරස්ථානයක  පැවති පෙරහරකට සහභාගී වී පැමිණෙමින් සිටි  නැටුම් කණ්ඩායමක් ගමන් ගත් වෑන් රථයක් අනතුරට ලක් වී රියදුරු ඇතුළු ශිල්පීන් 11 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.

අද අලුයම 4ට පමණ බදුල්ල හාලිඇල ප්‍රදේශයේ දී  සිදුවූ මෙම අනතුරින්    තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 18 -20 අතර පසුවන තරුණ දරුවන් පිරිසකි.

තුවාල ලැබූ අය අතර ගැහැණු ළමුන් 08ක්, පිරිමි ළමුන් 02ක් සහ රියදුරු ද සිටින බව වාර්තා වේ.

රියදුරට නින්ද යෑම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට ගොස් ගසක වැදීම හේතුවෙන් මෙම අනතුර සිද්ධ වී  ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තුවාල ලැබූ පිරිසගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය කියයි.

Exit mobile version