ධර්ම විභාගය ලියූ අවුරුදු අනූ හතරේ ආච්චි ඉහළින්ම පාස්

ශ්‍රි සුමංගල ගුණානුස්මරණ සභාව මගින් විද්‍යෝදය විශ්ව විද්‍යාල විභාග අංශය සමඟ  අනුබද්ධව පවත්වන ත්‍රිපිටක ධර්ම හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිට පසුගියදා රටේ අවධානයට ලක් වූ 94 හැවිරිදි ඇස්ලින් ලීලාවතී ධර්මරත්න සිව්දරු මාතාව එම විභාගය ඉහළින්ම සමත්ව ඇති බව ඇයගේ පවුලේ සමීපතයෙක්  ලංකාසරට පැවසීය.

පසුගිය පෙබරවාරී මස 06 දින මහනුවර ඩී.එස් සේනානායක විද්‍යාලයේදී මෙම විභාගයට පෙනි සිටි ලීලාවතී මාතාව ට  ප්‍රථම,මධ්‍යම හා අවසාන යන විභාග වලින් ගෞරව සමාර්ථ හිමිව ඇත. මෙම සාමාර්ථය  සමඟ අවුරුදු 94ක් වැනි වියපත් වයසකදී  එම විභාගය සමත්  මෙරට සිටින එකම විභාග අපේක්ෂකයා  ලෙස ඇය ඉතිහාසයට එක්වන්නීය.

එයින් නොනැවතී ඇති ඇය දැන් ශ්‍රාස්ත්‍රපති උපාධිය සඳහා සූදානම් වෙමින් සිටී.


ලීලිවතී ධර්මරත්න මහත්මිය  සිව් දරු මවකි. දියණියන්  සිව් දෙනකුට මවක වන ඇය මේ වනවිට  දරුවන්ගේ දරුවන්ද දකින්නට තරම් වාසනාවන්තය. 94 වියට එළඹ තිබුණද ඇය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියා ඇත්තේ  උපැස් යුවළක් හෝ නොපැළඳය.
විවාහ වී හත් වසකට පසු සැමියා මරණයට පත් වුවත් දිරියෙන් ජීවිතයට මුහුණ දුන් ඇය  දියණියන් සිව් දෙනාම උපාධිධාරීන් බවට පත් කිරීමට සමත් වූවාය.

ධර්මරත්න මහත්මියගේ වැඩිමහල් දියණිය ධම්මිකා ජයලත්  වත්මන් බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියයි. දෙවැන්නා සමුද්‍රා ජයලත් ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක මහචාර්යවරියකි.  ඉන්දු නීලා ජයලත් පවුලේ තෙවැන්නාය. ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිධාරිණියක වන අතර  දැන්  නාවලිපිටියේ පත්තුනුපිටිය විදුහලේ ආචාර්යවරියකි.  පවුලේ බාල දියණිය නීතිඥවරියක මෙන්ම වැඩ බලන මහේස්ත්‍රාත්වරියකද වන මනෝහාරි ජයලත්ය .

තෙවැනි දියණිය වන ඉන්ප්‍දුනීලා ජයලත්ර මහත්තිමිය පවසන්නේ තම මව ප්‍රතිඵල එන්නටත්  පෙර ඉන් සමත්වන බව දැන සිටි බවය.  එබැවින් ඒ ගැන උන්නදුවකින් තොරව  ඇය මෙම දිනවල ශාස්ත්‍රපති විභාගයට අවශ්‍ය පොත්පත් කියවමින් අධ්‍යයන කටයුතුවල නිතර වන බව ඇය සඳහන් කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජත්‍යන්තර වශයෙන් සැලකීමේදී වයෝවෘද්ධව සිටියදී පිළිගත් විභාගයකට පෙනී සිට සමත්වූ පුද්ගලයින් අතර තම මව මුල් දස දෙනා අතර සිටින බවද ඇය පැවසුවාය.

Exit mobile version