දොස්තර පාදෙණියලාට GMOA තවදුරටත් තහනම්

රජයෙ වෛද්‍ය නිලධාරී සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගය නොවැම්බර් 1 වනදා දක්වා දීර්ඝ කිරීමට මොරටුව දිසා අධිකරණය තීරණය කර තිබේ.

මොරටුව දිසා අධිකරණයෙන් ලබාදුන් වාරණ නියෝගය නොතකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු නිලධාරීන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම,   මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරිම සෞඛ්‍ය අමාත්‍යංශයේදි සාකච්ඡා පවත්වමින් අදහස් දැකිවීම යන  දෑ සිදුකර අධිකරණයට අපහාස කිරීම පිළිබඳ අධිකරණ මතය ප්‍රකාශ කිරීමත් නොවැම්බර් පළවෙනිදා සිදුකෙරේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කල් ඉකුත් වූ විධායක කමිටුවේ බලය අහෝසි කරමින් එම සංගමය සඳහා නව විධායක කමිටුවක් පත්කිරිම සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත්කර අවශ්‍ය කටයුතු සිදුකරන්න යැයි මොරටුව දිසා විනිසුරු ධමින්ද රාමනායක  පසුගියදා නියෝග කළේය.


විනිසුරුවරයා මෙම නියෝගය කරන ලද්දේ වෛද්‍ය චමල් සංජීව   විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

වෛද්‍ය චමල් සංජීව   මෙම පෙත්සම ගොනු කර ඇත්තේ වත්මන් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල කාලය පසුගිය ජූනි 26 වෙනිදා අවසන් වුවද විවිධ හේතු දක්වමින් නිලවරණය කල් දැමිමට විරෝධය පළ කරමිනි.

‌එම පෙත්සම විභාගයට ගත් දිසා විනිසුරුවරයා නිලවරණය සඳහා නැවත නාමයෝජනා කැඳවන ලෙසත් නිලවරණයට අදාල කටයුතු සඳහා හැර රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ ලිපි ශිර්ෂ හා නිල නාම භාවිත නොකරන ලෙස ජුලි 16 වෙනිදා වාරණය නියෝගයක් නිකුත් කර තිබූණි

එලෙස  නියෝගයක් ලබා දීතිබියදී   ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිලවරණයට අදාල කටයුතු සිදුකිරීම පැහැර හැර ඇතැයි ද වාරණයට පටහැනිව කටයුතු කර ඇතැයිද අධිකරණයට දන්වා තිබුණි.

කොළඹ දිසා අධිකරණයෙන් ලැබුණ අතුරු තහනම් නියෝගයක් අනුව තව දුරටත් බලයේ රැදී සිටීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබුණි‍.

පෙත්සම පසුගිය 8 වැනිදා සලකා බැලූ දිසා විනිසුරුවරයා  පෙත්සම්කරු වූ වෛද්‍ය චමල් සංජීවට නියෝගයක් ලබාදෙමින් කියා සිටියේ පුවත්පත් දැන්වීමක් ප්‍රසිද්ධ කරමින් සාමාජිකයින්ව දැනුවත් කර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ව්‍යවස්ථාවට අනුව ඝණපූර්ණය වූ සාමාජිකයින් 100 වැඩි පිරිසක් රැස්කර යෝජනා ස්ථිරත්වයෙන් සංගමය සඳහා අතුරු පාලක මණඩලයක් පත් කර ඒ මගින් තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කර ගන්නා ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන් අනතුරුව නාමයෝජනා කැදවා විනිවිද භාවයකින් යුතුව නිලවරණය පත්වන ලෙස ද අධිකරණය විසින් උපදෙස් ලබා දී තිබුණි.

 

Exit mobile version