දේශපාලකයන්ට හූ කියන උදවිය හොයන්න බුද්ධි අංශ යොදවයි…

ජනාධිපති තුමාගෙ විශ්වාසය බිඳෙන්නෙ නැති විදිහට හරියටම තොරතුරු හොයන්නැයි බිම් මට්ටමේ නිලධාරීන්ට උපදෙස්...

රජයේ ප්‍රභූවරුන්ට මහ මඟදී හූ කියන පුද්ගලයින් සහ ප්‍රභූවරුන් සහභාගිවන රැස්වීම් වලදී හූ කියන පුද්ගලයින් ගැන තොරතුරු සොයා බැලීමේ වගකීම බුද්ධි අංශයට භාරදී තිබේ.

ඒ අනුව යම් දේශපාලන ප්‍රභූවරයෙක් සහභාගිවන රැස්වීමකදී හූ තැබීමේ සූදානමක් තිබේනම් ඒ බවට තොරතුරු කල්තියා දැනුම් දෙන ලෙස උසස් නිලධාරීන් විසින් බිම් මට්ටමේ සිට තොරතුරු රැස්කරන බුද්ධි නිලධාරීන්ට දැනුම් දී ඇත.

එසේ කල්තියා තොරතුරු ලබාදීමට සමත් නොවුනොත් බුද්ධි අංශය ලැජ්ජාවට පත්වන බවත් ජනාධිපතිවරයා බුද්ධි අංශ කෙරහි තබා ඇති විශ්වාසය පලුදු වීමට ඉඩ ඇති බවත් එම දැනුම් දීමේ සදහන් වන බව බුද්ධි අංශ තොරතුරුම අනාවරණය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හූ කියන පුද්ගලයින්ගේ දේශපාලන වටාපිටාව පවා රැස්කරන ලෙස ද වැඩිදුරටත් එමගින් දැනුම්දී ඇත.

Exit mobile version