දේවී සහ ඩී.එස් ඉඩම් ගැන දොළවත්ත පාර්ලිමේන්තුවේ කතා කරයි…

Dolawatta

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සහ ඩී එස් සේනානායක විද්‍යාලයේ ඉඩම් සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්වයන් අවධානයට ගෙන පාසල් හා සම්බන්ධ සංවේදී කාරණා පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත අද (08) පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය .

“එක එක අය විවිධ ඉල්ලීම් කරනවා .නමුත් අන්තිමේදී මිනිස්සු බනින්නේ ජනාධිපතිතුමාට” යැයි ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවේය .

මන්ත්‍රිවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි .
දේවි බාලිකා විද්‍යාලයේ ප්‍රශ්නය යම් ආකාරයකට විසඳා ඇති බවත් ඩී ඇස් සේනානායක විද්‍යාලයේ ඉඩම සම්බන්ධයෙන් ද තීරණයක් ගෙන ඇති හෙයින් එය ස්ථිර කිරීමට අදාළ ගැසට් පත්‍රය අවලංගු කරන්නැයි තමා ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය .

මේ සම්බන්ධයෙන් ප්‍රේමනාත් දොලවත්ත ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපියක් ද මෙහිදී සභාගත කළේය

Exit mobile version