දරුවන්ට අමානුෂිකව පහර දුන් මහනුවර පුද්ගලික පාසලේ විදුහල්පති සහ ගුරුවරු 05ක් ලබන 20 තෙක් රිමාන්ඩ්…

සිය පාසලේ නේවාසිකව අධ්‍යාපනය ලබන දරු දැරියන් 10 දෙනෙකුට බරපතල ලෙස පහර දීම සම්බන්ධව අත්අඩංගුවට ගත් මහනුවර බොක්කාවල රීජන්ට් පුද්ගලික පාසලේ විදුහල්පති ඇතුළු ගුරුවරුන් 06 දෙනෙක් ලබන 20 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර අද නියෝග කළේය.

පහර දීම නිසා නේවාසිකාගාරයෙන් පැන විත් මහනුවර දළදා මාළිගාවේ මගුල් මඩුවේ රැඳී සිටි දරුවන් පිරිසකගෙන් පොලිිසය කළ විමසීමකින් අනතුරුව මෙම සිද්ධිය හෙළිදරව් වූ අතර ළමා ආරක්ෂණ අධිකාරිය හා පොලිස් නිලධාරින් පිරිසක් විසින් කළ ස්ථානීය විමර්ශනයකින් අනතුරුව පහර කෑමට ලක් වූ තවත් දරුවන් කිහිප දෙනෙක් හඳුනා ගැනීමට හැකි වී ඇත.

අනතුරුව බරතල ලෙස පහර කෑමට ලක් වූ දරු දැරියන් 10 දෙනෙක් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර සිද්ධිය සම්බන්ධව පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරු හය දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේය.

එම එක් දරුවෙක් ගෙල වැල ලාගෙන සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවද හෙළිදරව් වී ඇත. මෙම පාසලේ නේවාසික පිරිමි ළමුන් පස් දෙනෙක් ගැහැණු ළමයින්ගේ නේවාසිකාගාර කාමරවල සිට හසුවූ බැවින් මෙම දණ්ඩනයට ලක් කළ බව පාසල් පාර්ශවයෙන් පොලිසියට කියා ඇත.


මෙම විදුහල්පතිවරයා සහ ගුරුවරු පස් දෙනා ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මේ කතාවත් බලන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාසල් අධිකාරයේ අමානුෂික පහරදීමට ලක් වී නුවර පුද්ගලික පාසලක සිසුන් 10ක් මහනුවර රෝහලේ!

Exit mobile version