දඹුල්ලේ තොග වෙළෙඳ පොළේ එළවළු – පළතුරු කිලෝ ලක්ෂ 26 ක් විකුණාගත නොහැකිව හිරවෙලා

ගොවියන්ට එළවළු ගේන්න කියා ආණ්ඩුව ගොවියෝ වෙළෙන්දෝ අමාරුවේ දැම්මා – මාතලේ මන්ත්‍රීනී රෝහිණී කවිරත්න
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද දිනයේ ගොවි ජනතාව විසින් ගෙන එන ලද එළවළු සහ පළතුරු කිලෝ ලක්ෂ 26කට ආසන්න ප්‍රමාණයක් අලෙවි කර ගත නොහැකිව පවතින බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කවිරත්න මහත්මිය පවසයි. ගොවීන්ට අද දිනයේ මෙම නිෂ්පාදන දඹුල්ලට රැලෙන එන ලෙස දැන්වූවද වෙළෙඳපොළ වසා ඇති බැවින් ඔවුන් විහාල අමාරුවක වැටී ඇති බවද මන්ත්‍රිවරිය පැවසුවාය.

මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ඇය “ පළමු කොවිඩ් රැල්ල අවස්ථාවේ දී වගේම මෙවරත් ආණ්ඩුව ගොවියෝ – ව්‍යාපාරිකයෝ – අතරමැදියෝ අමාරුවේ දමා තිබෙනවා. ඊයේ දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග රැගෙන එන ලෙස ගොවීන්ට දැන්වුවා. නමුත් අද කිසිදු ව්‍යාපාරිකයකු දඹුල්ලට පැමිණ නෑ. එළවළු කිලෝ ලක්ෂ 26 ක් අද දිනයේ දඹුල්ලට රැගෙන විත් තිබෙනවා.

මේ ආණ්ඩුවට මාතලේ දිස්ත්‍රිකයේ එළවළු අස්වැන්න ජනතාවට බෙදා ගන්න කිසිම වැඩ පිළිවෙලක් නෑ. ‘ඇඳිරි නීතිය‘ වචනය කියන්නේ නැතිව ගොවියෝ අන්දමන්ද කරලා අද මහා විනාශයක් කළා. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ මිල වෙනස් කරන්නට අර්බුදයක් ඇති කරන්නට දේශපාලඥයෙක් හා ව්‍යාපාරිකයෝ කිහිපදෙනෙක් බලාගෙන ඉන්නවා. ගොවියෝ එළවළු රැගෙන ආ පසුව ඒවා ගොඩ ගහලා ප්‍රවාහන බාධක පැනවූවේ රටේ ආහාර හිඟයක් ඇති කරලා දැවැන්ත ලාබයක් ලබන්නයි.


රට පුරාම මිනිස්සුන්ට අවශ්‍ය ආහාර වර්ග හිඟයක් තියෙනවා. මිනිස්සුන්ට කන්න තියෙන එළවළු අස්වැන්න මෙලෙස විනාශ කිරීම අපරාධයක්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය වහාම මේ එළවළු අස්වැන්න මිලදී ගෙන පිටපලාත්වලට බෙදා හැරීම ඇරඹිය යුතුයි. මිනිස්සුන්ට කන්නට තියෙන එළවළු ටික විනාශවී යාම වලක්වා ගත යුතුයි.

Exit mobile version