දකුණු පළාත් බෞද්ධ ශිෂ්ටාචාරය ප්‍රශ්න පත්‍රය සමග උත්තරත් මුද්‍රණය කරලා… 

ලලිත් චාමින්ද –

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබු  අ පො ස උසස්පෙළ තෙවනවාර විභාග පරික්ෂණයේ  බෞද්ධ ශිෂ්ටාචාරය  විෂයේ 11 වැනි ප්‍රශ්න පත්‍රයේ  ප්‍රශ්න සමග පිළිතුරු ද මුද්‍රණය කොටතිබි ඇත. 

අද (05) උදෑසන 11.30ට බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට අදාල දෙවැනි ප්‍රශ්න පත්‍රය සිසු  දරු දැරියන්ට ලබාදිමට නියමිතව තිබුණි. 

ප්‍රශ්නපත්‍ර කට්ටලය විවෘත කරන අවස්ථාවේ  බෞද්ධ ශිෂ්ටාචාර  ප්‍රශ්න පත්‍රයේ  ප්‍රශ්න සමග පිළිතුරුද සදහන්කොට ඇති බව දැනගෙන තිබේ.    


ප්‍රශ්න පත්‍රයේ  මුල් පිටුවේ ප්‍රශ්න 08ක්  සඳහන් කොට ඇති අතර.  02,03,04 යන පිටුවල එම ප්‍රශ්නවලට අදාල පිළිතුරු සඳහන්කොට තිබි ඇත. 

පසුව කළාප අධ්‍යාපන කාර්යාල මගින්  ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පමණක් ඇති මුල් පිටුව ඡයා පිටපත්කොට ලබාදෙන ලෙස  පාසල්වල විදුහල්පතිවරුන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දි ඇත.

මේ නිසා පාසල්වල විදුහල්පතිවරුන් ද දැඩි අසරණ තත්වයට පත්වී තිබේ. ඇතැම් පාසල්වල ඡයාපිටපත් යන්ත්‍ර  නොමැති අතර  මේ නිසා  එම පාසල්වල විදුහල්පතිවරු නැවත ප්‍රශ්න පමණක් ඡයාපිටපත් කිරිමේ දි  ගැටලු රැසකට ලක්වුහ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබද විමසිමට දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිමල් දිසානායක  ජංගම දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගැනිමට  අවස්ථා ගණනාවකදි උත්සාහ කළද එය සාර්ථක නොවිය. 

Exit mobile version