තොණ්ඩමන්ගේ අන්තිම මොහොතේ කළ ඉල්ලීම් ගැන අගමැති අවමඟුලේදී කියයි…

වතුකරයේ ජීවත්වන ජනතාව මුහුණ පා සිටින ගැටලු ගණනාවක් සම්බන්ධව හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා මිය යාමට මොහොතකට පෙර තමන් සමඟ සාකච්ඡා කළ බවත් එම ගැටලු සියල්ල කැබිනට් මණ්ඩලයට තමන් ඉදිරිපත් කළ බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අවමගුල් උළෙල අමතා පැවසීය.

මෙම ගැටලු සම්බන්ධව කැබිනට් මණ්ඩලය පුළුල් ලෙස සාකච්ඡා කළ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා කඩිනමින් එම ගැටලු විසදීමට රජය පියවර ගන්නා බව සිහිපත් කළේය.

තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස හැටන් නෝර්වුඩ්හි පිහිටි තොන්ඩමන් ක්‍රීඩාංගණයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකෙරුණි. ලංකා කම්කරු කොංග්‍රස්  මූලස්ථානයේ සිට විශේෂ පෙරහැරකින් නෝර්වුඩ් ක්‍රීඩාංගනය වෙත ගෙන එන ලද දේහය අවමඟුල් උත්සව සභාව ඉදිරිපිට සකසා තිබූ විශේෂ පීඨිකාවක තැන්පත් කරන ලදී.


ඒ වන විටත් ආගමික නායකයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් අතිවිශාල පිරිසක් නොර්වුඩ් ක්‍රීඩාංගනය වෙත පැමිණ සිටියහ. අවමඟුල් උත්සව සභාවේ අසුන් පැනවීමේදී සෞඛ්‍ය ක්ෂෙත්‍රවල උපදෙස් මත නිරෝධායන නීතිවලට අනුකූලව සිදුකර තිබුණු අතර දේහය සම්බන්ධව කටයුතු කළ අනෙකුත් කිසිදු ස්ථානයක සෞඛ්‍ය උපදෙස් පිළිපදින ආකාරයක් දක්නට නො නොලැබිනි.

ආගමික වතාවත්වලින් අනතුරුව අවමඟුල් උත්සව සභාවේ කටයුතු අවසන් වීමෙන් පසු තොණන්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ලදී. අවමගුල් උත්සවය අමතමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“තොණ්ඩමන් මහතා සිය ජීවිතයට සමු ගැනීමට පැය කිහිපයකට පෙර පැමිණ මාව මුණ ගැසුණා. එතුමා මගෙන් සමු ගත්තේ ගිහින් එන්නම් කියලා ද එහෙමත් නැත්නම් යන්න කියලා ද කියන එක ගැන මට හරියටම මතක නැහැ. නමුත් එතුමා අවසාන මොහොතේ මට මුණගැසී තමන්ගේ වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කළ බව මට මතකයි. වතු කම්කරු ජනතාවගේ දිනක වැටුප රුපියල් 1000 කළ යුතු බවත් වතු නිවාස සංවර්ධනය කිරීම ගැනත් වතුකරයේ යටිතල පහසුකම් දියුණු කිරීමට මෙන්ම වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන්න කෙසේද කියන එක ගැන මා සමග සාකච්ඡා කළා. ඒ අනුව එතුමා එදා සමුගත්තේ  ඔබලාගේ ප්‍රාර්ථනා  අපට භාරදීමෙන් අනතුරුවයි. ඒ අනුව එතුමා අවසන් මොහොතේ සිදුකළ ඉල්ලීම් සියල්ල ඊට පසු දිනයේ මා කැබිනට් මණ්ඩලය වෙත යොමු කළා. අපි ඒ ගැන සාකච්ඡා කළා. තොණ්ඩමන් මහත්මා වතුකරයේ ජනතාව සමඟ කටයුතු කරමින් අවංකව ජනතාවට නායකත්වය දුන් නායකයෙක් බව කිව යුතුයි.”

 

Exit mobile version