තෙවන දිනය අවසන් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 83ට කඩුළු 03යි….

ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමා වී ඇත. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු තුනක් දැවී  ලකුණු 83කි.

ශ්‍රි ලංකා ඉනිම බිඳ දමමින් සිටින නවසීලන්ත මදවේග පන්දු යවන්නා… බ්ලෙයර් තික්නර්

පළමු ඉනිම ගොඩනැගූ  දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ක්‍රීඩා ගාරයේය. ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු දෙවැනි ඉනිමේ දිත් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේ නැත.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28කටත්, දිමුත් කරුණාරත්න ලකුණු 17කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 14කටත් ක්‍රීඩාගාරයට  ගොස් ඇත.  මේ වනවිට ශ්‍රී ලංකා ඉනිම බිඳ දමමින් සිටින නවසීලන්ත දකුණත් මද වේග පන්දු යවන්නා වූ බ්ලෙයර් තික්නර් සමත් වි ඇත.

ඔහු පන්දු ඕවර 10ක් තුළ ලකුණු 28 කට කඩුළු තුනක් දවාගෙන තිබේ. නයිට් වොච්මන් ලෙස පිටියට පැමිණි ප්‍රභාත් ජයසූරිය සමග ඈන්ජලෝ මැතිව්ස් නොදැවී පන්දුවට පහර දෙමිනි සිටිති. ඈන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 20ක් ලබාගෙන ඇත.


ඊයේ කඩුළු 05ක් දැවී ලකුණු 162ක් රැස් කරගෙන සිටි නවසීලන්ත කණ්ඩායම සියල්ලන් දැවී යන විට ලකුණු 373ක් වාර්තා කර තිබුණේය.

නීල්  වෝනර් හයේ පහර 03ක් සමග පන්දු 24ක දී ලකුණු 27ක්…

ඊයේ නොදැවී ක්‍රීඩා කළ ඩැරල් මිචෙල් අද සිය ශතකය වාර්තා කළේය. ඔහු ලකුණු 102කි. ඔහු මිනිත්තු 299ක් කඩුල්ලේ රැඳී සිටියේය.
පන්දු යැවීමේ දී කඩුළු 04ක් දවා ගත් මැට් හෙන්රි හතරේ පහර 10ක් සහ හයේ පහර 03ක් සමග ලකුණු පන්දු 75ක දී වේගවත් ලකුණු 72ක් ලැබුවේය.
නීල්  වෝනර් හයේ පහර 03ක් සමග පන්දු 24ක දී ලකුණු 27ක් ලැබුවේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පැමිණය.

නවසීලන්ත ආරම්භක පිතිකරු ටොම් ලැතම් ලකුණු 67ක් රැස් කළේය.

පළමු ඉනිමේ දී  ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර ලකුණු 76ට කඩුලු 03ක්,  අසිත ප්‍රනාන්දු ලකුණු 85ට කඩුළු 04ක්, කසුන් රාජිත ලකුණු 104ට කඩුලු 02ක්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 46 කඩුල්ලක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩාය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 355කට සියල්ලෝ දැවී ගියහ.

කුසල් මෙන්ඩිස් ලකුණු 87ක්, දිමුත් කරුණාරත්න ලකුණු 50ක්, ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක්, ධනංජය ද සිල්වා ලකුණු 46ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් රැස් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පළමු ඉනිමේ දී  ටිම් සවුති ලකුණු 64ට කඩුළු 05ක්, මැට් හෙන්රි ලකුණු 80කට කඩුළු 4ක් බිඳ හෙලීය.

Exit mobile version