තවත් ප්‍රදේශ හතක් හුදකලා කෙරේ

තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ, ඒ අනුව පිළියන්දල ප්‍රදේශයේ නාම්පමුණුව සහ ගොරකාපිටිය යන ග්‍රාම නිලධාරි වසම් මේ මොහොතේ සිට හුදකලා කරන බවය.

එමෙන්ම අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කෙරේ.


දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දෙහිඅත්තකණ්ඩිය සහ කදිරාපුර යන ග්‍රාම නිලධාරි වසම ද මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම කලවාන ප්‍රදේශයේ හපුගොඩ ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කර තිබේ.

Exit mobile version