ශ්‍රියානි විජේසිංහ –
අක්ෂි සැත්කමකින් අනතුරුව භාවිත කරන Prednisolone දියරය වෙනුවට වෙනත් ආදේශකයක් රජයේ වෛද්‍ය සැපයුම් අංශය තුළ නැතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සඳහන් කරයි.
අක්ෂි සැත්කම් කළ රෝගීන් භාවිත කල Prednisolone අක්ෂි දියරය පිලිබඳව ඇතිව තිබෙන සැකයක් හේතුවෙන් එය භාවිතයෙන් තාවකාලිකව ඉවත් කර ජාතික ඖෂධ අධිකාරියේ රසායනාගාර පරික්ෂාවන්ට යොමුකර ඇති බැවින් එහි වාර්තාව ලැබෙන තෙක් මෙය භාවිතයෙන් ඉවත් කර ඇතැයි හෙතෙම පැවසුවේය.
කෙසේ නමුත් මෙහි වාර්තාව ලැබෙන තෙක් Prednisolone දියරය වෙනුවට භාවිත කළ හැකි දියරයක් නොමැති වීම හා මෙවැනි අවස්ථාවක් පැන නැගුණ විට ඉක්මනින් ඖෂධයක් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති පසුබිමක බවත් ඉන් රෝගීන් අපහසුවට පත්වන බවත් අධ්‍යක්ෂවයරයා පෙන්වාදේ.
මෙම දියරයේ කිසිදු වරදක් නොමැති බව පරික්ෂණයන්ගෙන් හෙලි වුවහොත් එය නැවත භාවිතයට ගැනීමට හැකියාවක් ඇති නමුත් මේ වෙනුවට ආද්ශකයක් ගෙන්වා ගැනීම කෙරෙහි සෞඛ්‍ය අංශයේ අවධානය යොමුව ඇතැයි ද වෛද්‍ය වික්‍රමනායක පැවසුවේය.
මේ අතර පේරාදෙණිය කාන්තාවක් මිය යෑම හා ඇයගේ සිසේරියන් සැත්කමේදී භාවිත කළ ඖෂධය පිලිබඳ සිදුකල පරික්ෂණයන් සම්බන්ධයෙන් ලංකාසර වෛද්‍ය වික්‍රමනායකගෙන් විමසු කළ ඔහු සදහන් කළේ ඒ පිලිබද පරික්ෂණයන්ද තවදුරටත් ජාතික ඖෂධ තත්ත්වපාලන රසායනාගාරය තුළ සිදුකරමින් පවතින බවය.