ලෝක මුස්ලිම් ලීගය විසින් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයෙන් හානියට පත්වූවන්ට සහන සැලසීම සඳහා ඩොලර් මිලියන 5 ක මුදල තමා වෙත පිරිනැමූවේ යැයි කළ ප්‍රකාශය හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
එම මුදලින් පාස්කු ප්‍රහාරයේ විපතට පත්වූවන්ට සහන සලසා නොමැති බවත් එම මුදලට කුමක් සිදුවීද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පසුගියදා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ දී ද සාක්ෂි දීමකදී හෙළිවිය.
මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ අවස්ථා කිහිපයක දී මාධ්‍ය මගින් මෙන්ම පූජ්‍ය පක්ෂයෙන් ද විවිධ ආකාරයේ නිවේදන නිකුත් කරමින් මෙම මුදල සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ල කරන බවයි.
මේ සම්බන්ධයෙන් අද දිනයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පහත නිවේදනය නිකුත් කර ඇත.