ටිබෙට් හී චීනය ගෙන යන සංහාරය ගැන ජගත් සංවිධාන වල අවධානය යොමුවෙයි

ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව, එහි මෑත වාර්තාවේ චීනය පිළිබඳ තුන්වන සමාලෝචනයේ දී ටිබෙටය තුල චීනය සිදුකරණ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් කරුණු කීපයක්ම අනාවරණය කර ඇත.

මෙහිදී ටිබටයේ වෙසෙන වැසියන් බහුතරයක් මේවන විට සරණාගතයින් වී සිටින අතර ඔවුන් ලෝක ප්‍රජාවගෙන් උපකාර ඉල්ලා සිටින තත්ත්වයකට පත්ව ඇත. ඒ් සම්බන්ධයෙන් දැන් එක්සත් ජාතීන්ගේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ කමිටුව විසින් තහවුරු කර ඇත. මෙහිදී ජගත් සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජවගේ අවධානය යොමුවිය යුතු බවත් ඒ් සම්බන්ධයෙන් වහාම ක්‍රියා කළයුතු බවත් අවධාරණය කර තිබේ.

චීනය විසින් ගෙන යන මෙම දැඩි පාලනය මගින් ටිබෙටයේ පැවති ඔවුන්ටම උරුම වූ සංස්කෘතික හා ආගමික පසුබිමට දැඩි ප්‍රහාරයක් ඒල්ල වී ඇති අතර ඒහිදී ටිබෙටයේ බෞද්ධ උරුමය සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට චීනය දැඩි උත්සහයක් ගනිමින් සිටියි.


ඒහිදී චීනය විසින් ටිබෙට් දරුවන් විශේෂ පාසල් තුලින් චීන කොමියුනිස්ට් පක්ෂයට අවශ්‍ය මානසික මට්ටමක සිටින පිරිසක් බවට පරිවරිථනය කිරීමේ උත්සහයක නිරතව ඇත. ඒමෙන්ම චීන හමුදාවන් විසින් ටිබෙට් වැසියින් දැඩි තලා පෙලීම් වලට ලක්කරන බවටද අනාවරණය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ටිබෙටයේ ස්වාමීන් වහන්සේලා හට නිරන්තරයෙන් තාඩන පීඩන වලට ලක්වීමටත් එහිදී සිරබාරයට ගැනීම වලට පවා මුහුණ දීමට සිදුව ඇති බවටද දිගින් දිගමට වාර්තා වේ.

Exit mobile version