චීනය සමඟ දුවන ලංකාවට ඉන්දියාවෙන් මතක් කිරීමක්

චීනයේ සහයෙන් කොළඹ වරාය නගර කලාප සංවර්ධන ව්‍යාපෘතිය සිදුකරමින් සිටින අවදියක චීනය සමග වන “විශිෂ්ට ද්විපාර්ශ්වික සහයෝගීතාව” පිළිබද මෙන්ම තම සමුද්‍ර කලාපයේ අන්‍යෝන්‍ය ආරක්ෂාව පිළිබදව ද අවධානයෙන් සිටින ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට අවධාරණය කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි විසින් ඔන්ලයින් මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ මෑත කාලීනව සිදුවන සංවර්ධන ක්‍රියාකාරකම් පිළිබද ඉන්දියාව සිය ආරක්ෂක දෘෂ්ටි කෝණයෙන් සමීපව බලාසිටින බවයි.

කොළඹ වරාය නගරය හා සම්බන්ධ ව්‍යාපෘති රාමුව තුළ ශ්‍රී ලංකාවට අංශ කිහිපයක් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු පිළීබදව ද ඉන්දියාවේ අවධානය වැඩිවී ඇතැයි ඔහු කියාසිටී.


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අනුබද්ධව පවතින පාරිසරික කලාපය, විශේෂයෙන්ම සමුද්‍ර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ‘විශිෂ්ට ද්විපාර්ශ්වික සහකරු’ පිළිබද දැඩි අවධානයෙන් පසුවිය යුතු බවට ඔහු සිහිපත් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ආන්දෝලනාත්මක කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත (පෝට් සිටි පනත) මෙරට පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන, චීන ආධාර ලබන මෙම ව්‍යාපෘතිය මඟින් මෙරටට තවත් ආයෝජන ගෙන ඒමට සහ දිවයිනේ ආර්ථිකය නංවාලීමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත්කොට සති කිහීපයක් ගතවූ තැනදී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ ආධාර ලබන ව්‍යාපෘති පිළිබඳව බග්චි මහතා කියා සිටියේ හවුල්කාරිත්ව සංවර්ධන ව්‍යාපෘති රාශියක් රට තුළ ඇති බවත් ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන බවත්ය.

Exit mobile version