චම්පික රණවක මිල සංසන්දනයකින් සෞභාග්‍යය පෙන්වයි

වත්මන් රජයේ රාජ්‍ය මූල්‍ය වැරදි කළමනාකරණය නිසා රට පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවේ දී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මෙලෙස අදහස් දැක්වීය.

“කෝවිඩ් අරමුදලට වැටුප් පරිත්‍යාග කරන එක සම්බන්ධව මේ දිනවල කතා වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ලොකු ගානක් නෙමෙයි මට රුපියල් පනස් හතර දාහක වැටුපක් තිබෙන්නේ එයට ප්‍රවාහන ගාස්තු සියල්ල දීමනා එක්ක රුපියල් දෙලක්ෂ පනස් දාහක වැටුපක් තමයි තිබෙන්නේ. එයට දීමනා සියල්ලත් සේවකයන්ගේ වැටුප් සමග ඉතින් ඕක මහ ගානක් නෙමෙයි. නමුත් ආදර්ශයක් තියෙන්න ඕන ජනතාව ගැන. ගොඩක් දේශපාලනඥයින් ඉන්නේ ව්‍යාපාරිකයෝ ඒ අය හම්බ කරන්නෙ ව්‍යාපාරවලින් වැටුපෙන් නෙමෙයි ඒ නිසා ආදර්ශයක් දිය යුතුයි එම නිසා සමගි ජනබලවේගය තීරණය කරා විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට අපේ මන්ත්‍රීවරුන්ගේ දායකත්වය ලබා දෙන්න. අපිත් කැපවීම ප්‍රදර්ශනය කිරීම සඳහා එම කැපවීම ජනතාවගේ පැත්තෙන් බලාපොරොත්තු වෙනවා හැබැයි ප්‍රධාන වශයෙන් ආණ්ඩුව කරන්න ඕන ඖෂධවලින් එන්නත් වලින් නිරෝධායෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් වලින් මුදල් මංකොල්ල කන ගජමිතුරන්ගෙන් මුදල් අයකර ගැනීමයි මුලින් කළ යුත්තේ.

අද වනවිට රට විශාල අර්බුදයකට පත්වෙලා.
2019 වසරේ දෙසැම්බර් මාසයේ මේ ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් තිබුණු අත්‍යවශ්‍ය ආහාර 20ක මිල ගණන් මේ අවුරුද්දේ අගෝස්තු මාසේ වනවිට එම අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ ගණන් ඉදිරිපත් කරන විට උදාහරණයක් විදිහට සම්බා සහල් කිලෝවක් 2019 දී රුපියල් 88 යි දැන් රුපියල් 150යි නාඩු කිලෝවක් 94 අදවනවිට 110යි 120යි සුදු කැකුළු 2019දී රුපියල් 88 දැන් 105යි රතු කැකුළු 85 දැන් 100යි එය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන සහල් මිල වෙනස් වීම ඒ වගේම සීනි මහා මංකොල්ලය 2019 ඔක්තෝබර් මාසයේ රුපියල 100ට තිබුණු සීනි කිලෝවක් අද වන විට 220යි, පොල් ගෙඩියක් 2019 ඔක්තෝබර් මාසයේ රුපියල් 40 අද වන විට පොල්ගෙඩිය රුපියල් 90යි, පොල්තෙල් 320ක් මිලට තිබුණේ අද වන විට රුපියල් 710ක් වෙලා තියෙනවා, පරිප්පු 110 ට තිබුනේ අද රුපියල් 240ක් වෙලා තියෙනවා, අර්තාපල් 109 ට තිබුනේ අද 295ක් වෙලා තිබෙනවා, රතු ළුණු 2019 ඔක්තෝම්බර් මාසයේ රුපියල් 244 තිබුන අද රුපියල් 432ක් වෙලා තියෙනවා, මේ තමයි සෞභාග්‍යයෙ මග වසර දෙකකට ආසන්න කාලයක් තුළ.


මාළු 2019 ඔක්තෝම්බර් මාසෙ රුපියල් 204 තිබුණු සාලය අද 360 හුරුල්ලා 342 තිබුණේ අද 590 පරව් මාළු එදා 604 ට තිබුනේ අද 1180 කෙලවල්ලා රුපියල් 608 අද වන විට 1300ක් මාළු වල සෞභාග්‍යයෙ මග තමයි මේ තියෙන්නෙ.

ඊළඟට එළවළු මිල ගණන් ගත්තත් වට්ටක්කා එදා රුපියල් 92 අද 180, ගෝවා 2019ඔක්තෝම්බර් 103යි අද 200, බෝංචි 102යි අද 286යි දෙහි 183 අද 280යි, තක්කාලි 2019 වසරේ 105යි අද 180යි, සැමන් 220යිඅද 360යි සැමනුයි පරිප්පුයි පෙන්නලා තමයි ආවේ ඉන්ධන මිලත් අඩුකරනවා කිව්වා සැමන් පරිප්පු එක්ක අද වන විට සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ගිහින් එය 100% ක ට ආසන්නව ජීවන බර තව දුරටත් දරා ගන්න බැරි තත්ත්වයට ජනතාව වෙලා.එසේ වීමට ප්‍රධාන හේතු පහක් තියෙනවා එහිදී ජීවන බර දරාගැනීමට නොහැකි වීමේ පලවෙනි හේතුව ඉවක් බවක් නැතුව මුදල් අච්චු ගැසීම . 2019 දෙසැම්බර් මාසේ ඉඳන් මේ දක්වා අච්චු ගහපු සල්ලි ප්‍රමාණය මනින මිනුම තමයි මහ බැංකුවේ බිල්පත් එහිදී කෙටි කාලය තුළ බිලියන 1215 ක මුදල් අච්චු ගහලා මතක තියාගන්න යහපාලන ආණ්ඩුව කාලයේ මේකෙ තිබුණෙ බිලියන 80 අද 1215 අච්චු ගහපු ප්‍රමාණය මෙවැනි කෙරුවාවන් නිසා තමයි අද බඩු මිල ඉහළ යන්නේ ආණ්ඩුව සල්ලි අච්චු ගගහ අච්චු ගගහ පාරවල් වල ගල් අල්ලනවා ,කාපට් කරනවා වැව් බැම්මේ ජොගින් ට්‍රැක් හදනවා එම නිසා අද මුළු රටේම ජනතාවට වන්දි ගෙවන්න වෙලා .

බඩු මිල ඉහල යෑමේ දෙවෙනි කාරණය තමයි ඩොලර් හිඟය ආණ්ඩුවේ වැරදි මූල්‍ය ප්‍රතිපත්තිය නිසා ඩොලර් හිගවෙලා අද ඉතුරු වෙලා තිබෙන්නේ යහපාලන ආණ්ඩු කාලයේ එවකට මහ බැංකු අධිපතිව හිටපු ආනන්ද කුමාරස්වාමි මැතිතුමා බුද්ධිමත්ව කල්පනා කරල එකතු කරපු ඩොලර් බිලියන 7.2 සහ ඒ ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය කරපු ඇත්තෝ ඉතුරු කරපු ඒ ටික විතරයි වියදම් කරගෙන ආවේ. එහි ප්‍රතිඵලයක් විදියට අද සම්පූර්ණයෙන්ම විදේශ රට වලින් කෙරෙන ආහාර ආනයනය නතර වෙලා ඒ සඳහා ණයවර ලිපි නිකුත් කිරීම අපහසු වෙලා තිබෙනවා අද ලොකුම ප්‍රශ්නය සීනි ලෝක වෙළඳපොලේ කිලෝවක් අලෙවි වෙන්නේ ඩොලර් ශත 44 කියන්නේ රුපියල් අනූ දෙකයි සීනි කිලෝවක මිල ඔක්කොම ප්‍රවාහන ගාස්තු බදු ශත 25යි සියල්ල ගත්තම රුපියල් 98කට පැහැදිලිව සීනි කිලෝවක් එලියට දෙන්න පුළුවන් නමුත් අද රුපියල් 220ට විකුනන්නේ. 2020 ඔක්තෝම්බර් මාසේ ඉඳන් රට තුළ අවුරුද්දක කාලයක් දැවැන්ත සීනි මංකොල්ලයක් සිද්ධ වෙලා තියෙනවා මේ විදිහට ලාභ ලබා ගත්තොත් කිලෝවකින් රුපියල් 100ක රාජ්‍ය ඇමති කියන විදිහට ආසන්නයෙන් මේ ජාවාරම්කාරයෝ අවුරුද්දක් ඇතුළත උපයපු මුදල රුපියල් බිලියන 70කට ආසන්න වෙනවා පිටරටෙන් සීනි ගෙන්නුවා ටොන් ලක්ෂ හතක් එහිදී කිලෝවකින් රුපියල් සීයට වැඩිය ලාභයක් තියෙනවා නම් බිලියන හැත්තෑවකට අධික ප්‍රමාණයක් ජාවාරම්කාරයෝ ඉතුරු කරගන්නවා ආණ්ඩුව මොකද්ද කිව්වේ ගුරු වැටුප් වැඩි කරන්න බෑ බිලියන 56 නෑ කියලා හැබැයි තනි ජාවාරම් කාරයෙකුට සීනි වලින් පමණක් මංකොල්ල කන්න ඉඩ දීලා තිබෙනවා එය වර්ෂයකට රුපියල් බිලියන හැත්තෑවක්. ඒක නිසා අපට පේනවා මේ ආණ්ඩුව කැපවීම් කරන්න කිව්වට තමන්ගේ ඩොලර් අර්බුදය තිබියදී දුක ජනතාවට ලබාදෙන අතර අද ඉතාමත් බරපතළ භයානක තත්ත්වයකට රට ඇදලා දමලා මංකොල්ල කාරයින්ට ඉඩ දීලා තිබෙනවා එය ඖෂධවලින් සහ ආහාරවලින්.

තුන්වෙනි හේතුව ඉස්සරහට ඇතිවෙමින් තිබෙන අර්බුදය පොහොර හා රසායනික දව්‍ය ගෙන්වන්නේ නැති අර්බුදය. ඇත්තටම පොහොර පලවෙනි මාස 4 ඇතුළත ගෙන්නුවා මැයි මාසෙ හයවෙනිදා පොහොර ගෙන්වීම තහනම් කරා ඇයි. ඒකත් මේ රටේ ජනතාව දැනගත යුතුයි මේ රටේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඉතාම වංචනික විදියට එයාර් ලයින් සමාගම ගනුදෙනුවක් කරා එය එයාර් බස් ගනුදෙනුව එහිදී අවශ්‍ය කරන අරමුදල් පිරිපහදු කිරීම සඳහා රටේ තිබුණු ඉතාම සීමාසහිත ඩොලර් ප්‍රමාණයෙන් ඩොලර් පන්සියයක් ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට ලබාදුන්නා තමාම 2013 කරපු මහා වංචාවට අවශ්‍ය කරන ඒ පියවර ගැනීම සඳහා මෙම වංචාව සාධාරණීකරණය ගැනීම සඳහා එම නිසා පොහොර ගේන්න මුදල් නැහැ අද තේ අස්වැන්න අඩු වෙලා එළවළු අස්වැන්න අඩු වෙලා ඉදිරි මහ කන්නය සැප්තැම්බර් මාසය ආරම්භ වෙනවා මහවැලි වතුර නිකුත් කරන්න නියමිතයි අනෙකුත් වැව් ජලය නිකුත් කරන්න නියමිතයි හැබැයි ජනතාවට අද කියනවා හෙක්ටයාරයකට රුපියල් 12,000 ක් දෙන්නම් තමන්ම පොහොර හදාගන්න කියලා සූදානමක් රටේ නැහැ ඒ අනුව ලබන නොවැම්බර් මාසේ වනවිට බරපතළ ආහාර හිඟයකට සාගතයට ආහාර මිල ගණන් දරාගන්න බැරි තත්ත්වයකට ගමන් කරන්න නියමිතයි හෙට කිසිම පිළිවෙලක් පිළියමක් වැඩසටහනක් නැහැ කාබනික පොහොර රටේ නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නෑ රටේ අවශ්‍යතාවයට අනුව රටට අවශ්‍යයි කාබනික පොහොර කෝටි දෙකක් ඒ නිර්මාණය කිරීමට අමුද්‍රව්‍ය හෝ වෙනත් සම්පත් නැහැ ඒ නිසා අනිවාර්යෙන්ම අපේ ගොවිතැන වැවිලි කර්මාන්තය ඇද වැටෙන්නේ නියමිතයි පළිබෝධ නාශක වල් නාශක ගෙන්වන්න තහනම් මේ අවස්ථාවේදී ගෙන්වන්න අවශ්‍ය බීජ ද්‍රව්‍ය තහනම් කර තිබෙන අවස්ථාවක මේ සියල්ල අද කළු කඩ වල විකිණෙනවා ඉදිරි ඔක්තෝම්බර් මාසයේ රට සාගතයට ඇදෙන්න නියමිතයි ආණ්ඩුවේ මේ ක්‍රියාදාමයන් නිසා.

ඒ වගේම 4වෙනි හේතුව රාජ්‍ය මූල්‍ය වැරදි කළමනාකරණයයි.රජය දානපතියන් ට දැවැන්ත බදු සහන ලබා දීලා 2020 වර්ෂයේ විතරක් බිලියන 523 ක් අපේ ආදායම අහිමි කරගත්තා. අවසානයේ මොකද කරන්නේ සල්ලි අච්චු ගැසීම කියන්නේ එක්තරා ආකාරයකට භාණ්ඩ මත පනවන ලද නව බද්දක් ඒ නිසා අද ජනතාවට රාජ්‍ය මූල්‍යයට තිබිච්ච ඒ භයානක ප්‍රතිවිපාක වලට ගෙවන්න වෙලා තියෙනවා උදාහරණයක් විදිහට මේ රටේ වැදගත් ව්‍යාපෘති අහෝසි කරලා ජාවාරම්කාර ව්‍යාපෘති ආරම්භ කරල තියෙනවා උදාහරණයක් විදියට කඩුවෙල ඉඳන් කොළඹට තිබිච්ච සැහැල්ලු දුම්රිය පද්ධතිය අද විකුණන් කනවා මේ වසරේ ඩොලර් මිලියන හයසියයක් මේ රටට එන්න නියමිතයි ආපසු ගෙවන්න තියෙන්නෙ අවුරුදු පහළොවකින් දශම එකයි පොලිය ඒ වෙනුවට 23% පොලියට කොම්පැනියකට දීලා තිබෙනවා හතර ගුණයක් වැඩියෙන් වැය කරලා පාරක් හදන්න කියලා නමුත් තාම පාරේ වැඩ පටන් අරන් නැහැ අද වනවිට එම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැඩ ආරම්භ වියයුතුයි මේ ඩොලර් මිලියන 600ක් අපට ලැබෙන්න තිබුණා ඒ වගේම රට පුරාම නැවතත් ඒ මංකොල්ල ආරම්භ වෙලා තිබෙනවා විදේශවලින් ණය ගන්නේ නැහැ කිව්වට කුරුණෑගල ඉඳන් දඹුල්ලට ඩොලර් බිලියනයක් වැයවෙන පාරක් හදන යනවා ඒ වගේම රාජ්‍ය බැංකු ණය කරලා අධිවේගී මාර්ග හදන්න යනවා මේ වෙලාවේ රජයේ සේවකයෙකි අතිකාල දීමනාව රජයේ සේවකයාගේ සංයුක්ත දීමනාව මේවා දීගන්න බැරි ආණ්ඩුවක් රටේ ජනතාවට රුපියල් පන්දහසක් දීගන්න බැරි ආණ්ඩුව අද ජාවාරම්කාරයෝ සනසන්න තමන්ටද කොමිස් ටික ගන්න ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව කටයුතු කරමින් යනවා. වැරදියි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අද ඉතාම දරුණු විදිහට ජීවන බරට බලපාල තිබෙනවා ඒ වගේම ජනතාවගේ ආදායම අහිමි වීමට බලපාන තිබෙනවා.

විශේෂයෙන්ම පස්වෙනි කාරණය ජනතාවගේ ආදායම් අහිමි කිරීම රාජ්‍ය සේවකය ගත්තම යහපාලන රාජය දීපු වැටුප් වර්ධකය 2020 ජනවාරි ඉඳන් නතර කලා ගුරු විදුහල්පති පාලන සේවා වන්නට තිබිච්ච වැටුප් විෂමතාවයන් කර කරන්න තිබිච්ච රනුග්ගේ කොමිසමේ වාර්තා ක්‍රියාත්මක කරන තිබුනොත් 2020 ජනවාරි පළවෙනිදා ඒවා කරගත්තා ඒ වගේම ලක්ෂ හතළිහකට අධික පිරිසක් සේවා වලින් රැකියාවලින් ස්වයං රැකියා වලින් ඉවතට ඇදලා දැමුනා මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා ජනතාවගේ ආදායම් අහිම උනා මේ වන විට සෑම කෙනෙක්ම ආදායමෙන් සියයට පනහක් පමණ සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තිබෙනවා මේක අපි කියනවා ලබන දෙසැම්බර් වන විට මීටත් වඩා දරුණු අර්බුදයක් බවට පරිවර්තනය වෙන බව ඒ නිසා මෙන්න මේ කරුණු පහ විසින් සල්ලි අච්චු ගැහීම ඩොලර් සංචිත ණය ගෙවන්න භාවිතා කරලා පිටරටින් අත්‍යවශ්‍ය ආහාර ඖෂධ ගැනීම පාලනය කිරීම ඒ වගේම පොහොර හා රසායනික ද්‍රව්‍ය තහංචිය නිසා ඇතිවෙන සාගත තත්ත්වය ඔව් වැරදි රාජ්‍ය මූල්‍ය කලමනාකරණය හා ජනතාවගේ ආදායමක් උදුරා ගැනීම යන කාරණා පහ විසින් අද අපේ ජනතාවට ජීවන බර දරාගන්න බැරි තරමට දැවැන්ත විදිහට ජනතාව බඩගින්නෙ ඉන්න දරුවෝ කිරි පිටිවලට නං ඒ වගේම වැඩිහිටියන්ට ආහාර ටික ඖෂධ ටික ලබාගන්න බැරි ආහාර පෝලිම් යුගයක් එක්ක රට විශාල අර්බුදයකට සෞභාග්‍යෙය් දැක්ම මගින් ඇද දමලා තිබෙන බවත් ප්‍රකාශ කරනවා. මේකට විසඳුම තමයි වසංගතය කළමනාකරණය කරන්න විද්‍යාඥයින්ට ඉඩ දෙනව වගේ විධිමත් ආර්ථිකය කළමනාකරණය කරපු පළපුරුද්ද තියෙන ඒ වගේම ඒ පිළිබඳව විද්‍යාත්මකව කල්පනා කරන දූෂිත නොවෙච්ච මේ රටට ආදරය කරන පිරිසට මේ රටේ ආර්ථිකය කළමනාකරණය කිරීමට භාර දෙන්න කියන එක මේ අවස්ථාවේදී අපි අවධාරණය කරනවා.

අද රට වහලා කිව්වට පාරට ගියාම පේනවා කොහේවත් වහල නෑ කියලා රට ඇරලා තියෙන්නේ තමන්ට අවශ්‍ය අවශ්‍ය තැන්වල මේ ආණ්ඩුව විද්‍යානුකූලව රට වසා දැමීමක් රට අගුලු දැමීමක් කර නැහැ අපි බොහොම පැහැදිලිව කිව්වා බාගෙට රටවල් දින හතක් හෝ අටක් ප්‍රතිඵල ලබන්න බැහැ කියලා මැරෙන ගාන අඩු වෙන්නෙත් නෑ ආසාදිතයන් ගාන අඩු වෙන්නෙත් නැහැ මොකද නහයට උඩින් රෝගය ගියා මේ තීරණය ගන්න තිබුණෙ ජූලි මාසේ මෙම තීරණය අගෝස්තු මාසේ ඒක කළේ නෑ දැන් ඉඳලා අන්තිම මොහොතේ ජනතා විරෝධය මත බාගෙට රට වැහුවා එය ව්‍යාජය තුළින් සිදු වුණේ ආර්ථිකය කඩා වැටීමක් විතරයි රෝගය මර්දනය කිරීමක් වෙන්නේ නැහැ ඒ නිසා විද්‍යාත්මක ක්‍රමයකට රට අගුලු දාන්නෙ නැතුව මේ කරපු බොරුව නිසා මිනිස්සු තවත් අමාරුවේ වැටුණා ඒ වගේම ආණ්ඩුව අද උත්සාහ කරනවා රටේ තිබෙන මේ දැවැන්ත ආර්ථික අර්බුදය තමන්ගෙ නොහැකියාවත් තමන් 2005 -2015 කාලේ කරපු විෂම සංවර්ධන ප්‍රතිඵලයක් නිසා නෙමෙයි මේ රට වහපු නිසා මේ ඔක්කොම ප්‍රශ්න කියලා පෙන්නන්න ඒ අතරේ තාමත් ඉන්දියාවෙන් රුසියාවෙන් ඉතාම බරපතළ විදියට රෝගය ව්‍යාප්ත වන රට වලින් සංචාරකයෝ ගෙන්වලා අලුත් අලුත් ප්‍රභේද අපට හඳුන්වලා දීලා ජනතාව රසායනාගාර මීයන් බවට පත් කරන එකත් තවම ආණ්ඩුව නතර කරලා නැහැ මේ ක්‍රියාදාමය මගින් රටට වෙලා තියෙන්නෙ ආර්ථිකය තවත් කඩා වැටීම විතරයි රෝගය මර්දනය වෙලා නෑ නව ප්‍රභේද රටට ඇතුළු වෙන එක නතර වෙලත් නැහැ.

අපි හැමදාම කිව්වේ විපක්ෂයට රට බාර දෙන්න කියලා නෙමෙයි විද්‍යාඥයින්ට ,රටට ආදරය කරන මිනිසුන්ට, ජාවාරම්කාර නැති අයට, සෞඛ්‍ය අමාත්‍යංශයත් වසංගතයක් පාලනය කරන්න ඉඩ දෙන්නෙ කියන එක විතරයි .ඒ වෙනුවෙන් අපි හැමදාම හිස නමනවා. ආණ්ඩුවට විශේෂඥයෝ පෙන්නන්න බැහැ ජාවාරම්කාර නොවන අවංක මිනිස්සු පෙන්නන්න බැහැ ආණ්ඩුවට මේ මාතෘ භූමියට ආදරය කරන මිනිස්සු පෙන්නන්නත් බැහැ ඒක නිසා ඒව කඩාකප්පල්කාරී අය විදියට තමයි ඒ අයට පේන්නෙ ඒවට අපි කනගාටු වෙන්නේ නැහැ අපි අපේ ජනතාවට කියන්නේ විපක්ෂයට බලය දෙන්න කියනවට වඩා මේ වසංගතයක් පරාජය කිරීම සඳහා මුල් තැන දීලා දේශපාලනය මෝඩයෝ පැත්තකට වෙන්නේ කියලා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ආණ්ඩුවට ඔලුවත් නැහැ හදවතක් නැහැ.”

Exit mobile version