ගෝඨාගෝගමට ගැසූ දේශපාලන මැරයන් සම්බන්ධව ඔබ කරන්නේ කුමක් ද?- චම්පික රනිල්ගෙන් අසයි!

සහයෝගය ලබා දීමට දේශපාලන ආර්ථික කරුණු 11 සම්බන්ධව නව ආණ්ඩුවේ ස්ථාවරය විමසයි....

රජයට කවර මට්ටමින් සහයෝගය ලබා දෙන්නේද යන්න තීරණය  කිරීම සඳහා පිහිටුවන අන්තර්කාලීන ආණ්ඩුවේ දේශපාලන හා ආර්ථික මාර්ග සිතියම කඩිනමින් පැහැදිලි කරනා ලෙස දන්වමින් දේශපාලන සහ ආර්ථික කරුණු 11 ක් අවධාරණය කළ ලිපියක් 43වන සේනාංකයේ නායක චම්පික රණවක විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යවා තිබේ.

ගෝඨාගෝගමට මැර ප්‍රහාරය එල්ල කළ පොදු ජන පෙමුණේ දේශපාලන මැර නායකත්වය සම්බන්ධව ඔබ  ගන්නා ක්‍රියාමාර්ගය  කුමක්ද?,   ගෝඨාභය රාජපක්ෂ ජනාධිතිවරයා ධුරයෙන් ඉවත්වන දින වකවානු සම්බන්ධව ඔබ සමග සාකච්චා කර තිබේ ද?, මන්ත්‍රී මැති ඇමතිවරුන්ගේ විනාශ වූ දේපල හා ජීවිත හානි සඳහා පිළියම් මොනවාද, විදේශ විනියම ලබා ගැනිම සඳහා යෝජනා කරන වැඩපිළිවෙළ කුමක්ද වැනි කාරණා 11ක්  එම ලිපියෙන් මතු කර ඇත.

නව ආණ්ඩුව නිර්මාණය වන්නේ ගෝඨාගෝගම   භූමියෙන් පැන නැගුනු අරගලය තීව්‍ර දේශපාලන ප්‍රකාශනයක් වීම නිසා බැවින්  ගෝඨාගෝම අරගල භූමියෙන්   මතු වූ දේශපාලන ඉල්ලීම්වන, රාජපක්ෂවරුන් බලය අත්හැරීම, ප්‍රජාන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දීම,  දූෂණයට මංකොල්ලයට වැට බැඳීම, ආචාරධාර්මිකව හැසිරෙන දේශපාලන ප්‍රජාවක්  ගොඩනැගීම, ජාති ආගම් භේදවලින් තොර මානව ගරුත්වය සුරකින පුරවැසි ජන රජයක් ගොඩනැගීම ආදී  ඉල්ලීම් සම්බන්ධව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරය  වැදගත් බව ද ඔහු දන්වයි.

රටේ ආර්ථික හා දේශපාලන අර්බුදය උත්සන්න වූ අවස්ථාවක රටේ වගකීම්  දැරීම් අතට ගත යුතු බොහෝ දෙනා විවිධ හේතු දක්වමින්  එය මග හරිද්දී ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහගේ ඉදිරිපත් වීම අගය කළ යුතු බව ද  චම්පික රණවක දන්වා සිටී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ලිපිය මෙසේය.

Exit mobile version