ගිලන් රථවලට මඟ සකසන ඉන්දුනීසියාවේ යතුරුපැදි කල්ලිය

කොරෝනා රෝගීන් රැගෙන යන ගිලන්රථ වලට මාර්ගයේ ඉඩ සලසා දෙන අපූරු යතුරුපැදිකරුවන් කණ්ඩායමක් පිළිබඳ ඉන්දුනීසියාවෙන් වාර්තාවේ.

අධික මාර්ග තදබදයක් පවතින ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේ ගමන්කරන ගිලන්රථ වලට ඉදරියෙන් මෙම යතුරුපැදි ගමන් කරනු ලබයි.

එහිදී එවුන් ඉදිරියෙන් ඇති රථ වාහන පාලනය කරමින් ගිලන් රථ වලට ඉකමණින් ගමන් කිරීමට ඉඩ සලසා දීම සිදු කරයි.


මෙම කණ්ඩායම විසි හතර හැවරිදි සෙබෙස්තියන් ඩ්වියන්ටෝරෝ නායකත්වය දෙනු ලබයි. වෘත්තියෙන් ආරක්ෂක නිලධාරියෙකුවන සෙබෙස්තියන් සහ ඔහුගේ කණ්ඩායම පසුගිය වසර 4ක කාලය පුරාම මෙම සේවාව සැපයීමට සිදු කරයි.

“මේ දවස්වල කොරෝනා වෛරසය නිසා ටිකක් බය දැනෙනවා. ඒත් අපි හදවතට එකඟව මේ දේ කරනවා. අපි ඉතාම පරිස්සටමයි මේ දේ කරන්නේ.” යනුවෙන් සෙබෙස්තියන් ප්‍රකාශ කරයි.

මෙම යතුරුපැදිකරුවන් විසින් සිදුකරන සේවය ජකර්තා නගරයේ සෞඛ්‍ය අංශ විශාල පැසසුමකට ලක්කර ඇත. ගිලන්රථ රියැදුරන් පවසන්නේ යතුරුපැදි කණ්ඩායම හේතුවෙන් ජීවිත රැසක් පසුගිය කාලයේදී ආරක්ෂා කරගැනීමට හැකි වූ බවයි.

ලොව සිව්වැනියට විශාලතම ජනගහනයකට හිමිකම් කියන ඉන්දුනීසියාව තුල පසුගිය දින කිහිපයේදී දෛනික කොරෝනා ආසාදිතයින් 20,000කට අධික සංඛ්‍යාවක් වාර්තා විය. ඊට අමතරව කොරෝනා ආසාදිතයින්ගේ දෛනිකව 400ක් පමණ මරණයට පත්විය.

ඒ අනුව මේ වන විට මිලියන 2කට අධික කොරෝනා ආසාදිතයින් පිරිසක් ඉන්දුනීසියාවෙන් වාර්තාවී ඇති අතර මරණ හැට දහසකට අධික සංඛ්‍යාවක් වාර්තාවේ තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය දින වල ඉන්දුනීසියාවේ රෝගීන්ට ලබාදීමට ඔක්සිජන් තොග ප්‍රමාණවත් නොවීය. ඒ හේතුවෙන් එරට රජය ඔක්සිජන් නිෂ්පාදකයින්ට නිෂ්පාදනය වහාම ඉහළ දමන ලෙස දැණුම්දීමට පියවරගෙන තිබිණි.

Exit mobile version