“ගෑස් සමාගමක් අත්පත් කර ගන්න සැලසුමක් මගේ ළඟ නෑ”- යෝෂිත රාජපක්ෂ කියයි

රට පුරා පවතින ගෑස් හිඟය ඇතිවීමට හේතුව තමන් විසින් ගෑස් වෙළඳපොළ ආක්‍රමණය කිරීමට කළ සැළසුමක් බවට කෙරෙන ප්‍රචාරය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

තමන්ට අයත් ගෑස් සමාගමක් නොමැති බව පෙන්වා දෙන යෝෂිත රාජපක්ෂ මහතා අදාළ පුවත් මවන්නන්ගේ අරමුණ වී ඇත්තේ මහජනතාව සහ ආණ්ඩුව අතර ඇති විශ්වාසය පළුදු කිරීම බව පෙන්වා දෙයි.

“යෝෂිතගෙන් ගෑස් සමාගමක් – ගෑස් අර්බුධයේ ඇඟ හිරිවැටෙන කතාව මෙන්න” වැනි ආකර්ශනීය සිරස්තල යොදමින් ජනතාව නැවත වරක් රත්තරන් අශ්වයන් සිටිනවා යැයි කියමින් රැවටූ ආකාරයටම නැවත රැවටීමේ උත්සාහයක කිසියම් පිරිසක් නිරත වන බව යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගතය හමුවේ රට මුහුණ පා තිබෙන ඇතැම් අර්බුධයන් ජය ගැනීම සඳහා සාමුහිකව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව යෝෂිත රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

Exit mobile version