කොළඹ දිස්ත්‍රිකකයේ ප්‍රාදේශීය ලේකම්ගේ සිට සමෘද්ධි නිලධාරීයා දක්වා එන්නත්කරණයෙන් ඉවතට

covid vaccine

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික මැදිහත්වීම්වලට විරෝධය දක්වමින් කොළඹ දිස්ත්‍රික්කගේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලුම සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලුම ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් එම දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනින් ඉවත් වී තිබේ.

ඒ පිළිබඳව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ද දැනුම් දී ඇතැයි ද වාර්තා වේ. කොළඹ දිස්ත්‍රිකයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලුම සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලුම ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් පවසන්නේ කොළඹ දිස්ත්‍රික් එන්නත්කරණ වැඩසටහනට ආණ්ඩුවේ දැනුම් දීම මත රාජකාරීමය වශයෙන් තමන් කැපවීමෙන් දායකත්වය ලබා දුන් බවයි.

තත්ත්වය එසේ තිබියදීත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කර ඇති ලිපියකින් කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය නොවන පාර්ශ්වයන්ගෙන් මැදිහත් වීම් සහ බලපෑම් සිදුවන බවට අසත්‍ය චෝදනාවක් නඟා ඇතැයි ද ඔවුන් පෙන්වා දේ.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම අසත්‍ය චෝදනා නැඟීමට හේතු වූයේ කොළඹ දිස්ත්‍රික්කයේදී මෙතෙක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් අයගේ නාම ලේඛනය ඉල්ලා සිටීම බව ද ඔවුහු පවසති. එම නාමලේඛනය ලබා දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ වී ඇති බවත් එම විරෝධය ගැන ගැළුකාරි තත්ත්වයක් ඇති බවත් ඔවුන් පෙන්වා දේ.

වැඩිදුරටත් ඔවුන් කියා සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තමන්ට අසත්‍ය චෝදනා නැඟීමට විරෝධය පළ කිරීමක් ලෙසින් කොවිඩ් එන්නත්කරණයෙන් ඉවත් වන බවයි. ඒ බව අවධාරණය කරමින් අද ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද කොළඹ දී පැවැත්විණ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ එකී පුද්ගලයින් එන්නත්කරණ ක්‍රියාවලියෙන් ඉවත් කළ යුතු බව නොකියන බවත් එනමුත් ඔවුන්ට අදාල කොටස පමණක් පැවරීමට කටයුතු කළ යුතු බවයි.

Exit mobile version