කොළඹ උසස්පෙළ සිසුන්ගෙන් හතරෙන් එකක් එන්නත ලබාගෙන නෑ…

කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාපයන් තුළ කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා උසස්පෙළ සිසුන් 20688ක් දෙනා සිටින බවට අධ්‍යාපන අමාත්‍යංශය මගින් දැනුම් දී තිබූ නමුත් පසුගිය 15 වෙනිදා සිට 19 වන දින දක්වා එන්නත ලබා ගැනීම සදහා පැමිණ ඇත්තේ සිසුන් 15000ක් යැයි  කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ පවසයි.

මෙතෙක් එන්නත ලබා දුන්  සිසුන්ට කිසිදු අසාත්මිකතාවක් පැන නොනැගි බැවින් එන්නත ලබා නොගත් සියලුම සිසුන්ට එන්නත ලබා දීමට කටයුතු කරන්නැයි ද දෙමාපියන්ගෙන් තමා ඉල්ලා සිටින බව  වෛද්‍ය ලියනගේ පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාසල් දරුවන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පමණක් දෙන බැවින්  එම එන්නත් මාත්‍රාව ගැනීමට කටයුතු කරන මෙන්ද තමා කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගෙන් විශේෂ ඉල්ලීමක්කරන බව ද ඔහු සඳහන් කළේය.


Exit mobile version