කොස්ගොඩ තාරකට නීතිඥ හිජාස්ට කොවිඩ්… ආසාදිත 08ක් කළුතර එවයි..

දැනට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රැඳවුම් නියෝග මත සිටින දකුණේ ප්‍රබල අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොස්ගොඩ තාරකත්, ඔහුගේ සගයන් දෙදෙනකු සහ නීතීඥ හිජාස් හිස්බුල්ලා අතුළු සැකකරුවන් 08 දෙනකු කොවිඩ් ආසාදනයට ලක් වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතු අරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් මේ වනවිට කළුතර පොලිස් අභ්‍යාස විදයාලයේ ස්ථාපිත  ප්‍රතිකාර මධ්‍යස්ථානයක රඳවා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දීර්ඝ කාලීන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම්වලට ලක් වන මෙම සැකකරුවන් ට විශේෂ ආරක්ෂාවක් යටතේ ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගණනාවකටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතරින් පසුගියදා ඊ.ඒ පී සමූහයේ අධ්‍යක්ෂවරුන් අත්අඩංගුවට ගැනීම් ක්‍රියාවලියට සම්බන්ධ වූ නිලධාරීන් කිහිප දෙනකුද සිටින ව වාර්තා වේ.


Exit mobile version