කොවිඩ් ආසාදිතව  සිටි පොඩි දරුවන් තිදෙනෙක් මහනුවර රෝහලේ දී  මිය යයි….

කොවිඩ් ආසාදිතව මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි පොඩි දරුවන් තිදෙනෙක් අද මියගොස් ඇති බවත් ඔවුන්ගේ මරණවලට හේතුව කොවිඩ් නිවුමෝනියාව විය හැකි බවත් මහනුවර රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස මාස 03, අවුරුදු 06, සහ 09 වයස්වල දරුවන් තිදෙනෙකි. මේ දරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් ඊයේ වනවිට මහනුවර රෝහලේ  කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන්කළ දැඩි සත්කාර ඒකක ඇඳන් හයෙන් දෙකක ප්‍රතිකාර ගනිමින් සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙට උදේ මෙම දරුවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.


Exit mobile version