කොවිඩ්  අවදානමට ලක්වුණු භික්ෂූන් වහන්සේ 20000 ගැන අවධානය යොමු කරන්න… මහ නා හිමිවරු ඉල්ලති…

කොවිඩ් එන්නත ලබා ගැනීමේ මූලික නිර්ණායකයන් සම්පූර්ණ කළ භික්ෂූන්වහන්සේලා 20000ක් පමණ ලංකාවේ වැඩ වසන බවත්, සමාජ ආගමික කටයුතු සමග නිරන්තර ගැටෙමින් සිටින උන්වහන්සේලා වෙනුවෙන් කඩිනම් ප්‍රමුඛතාවයකින් එන්නත ලබා දීමට කටයුතු කරන මෙන් තමන් ඉල්ලා සිටින බවත්  මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දන්වා  තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් පැවසුවේ පින්කම් දානමාන ඇතුළු ආගමික සම්ප්‍රදායන් මේ වනවිට මුළුමනින්ම නැවතී ඇති නමුත් මරණයක පාංශුකූලය ලබා දීමටවත් සංඝයා වහන්සේ වැඩම කළ යුතු බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම මේ තත්වය තුළ උන්වහන්සේලා අවදානමකට විවෘතව සිටින බවත්, සම්ප්‍රදායික ආගමික ක්‍රියාකාරකම් ඇණහිටීම හේතුවෙන් බෙහෙවින්ම දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බවත් පවසන ලේඛකාධිකාරී හිමියෝ  රජය ඊට දැඩි අවධානය යොමුකළ යුතු බව පෙන්වා දුන්හ.


Exit mobile version