කොටින්ට පණ දෙන්න ගිය තරුණයා කොටි බඩු මුට්ටු ගැන හෙළි කරයි.

දිනසේන රතුගමගේ –

එල්.ටී.ටී.ඊ.සංවිධානය යළි පන ගැන්වීමට ක්‍රියා කල මුලතිව් ප්‍රදේශයේ තරුණයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමකට අනුව මුලතිව් පුදුමාතලන් ප්‍රදේශයේ  පෞද්ගලික ඉඩමක වළදමා තිබූ එල්.ටී.ටී.ඊ.නිල ඇදුම්වලට  හා එම සංවිධානයේ ලාංඡනයට සමාන ද්‍රව්‍ය රැසක් 3 දා  මුලතිව් ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.

ආරක්ෂක අංශ වලට තොරතුරු හෙළි කරණ ලද පුද්ගලයා මේ ස්ථානයේ එල්.ටී.ටී.ඊ.සංවිධානය සතු අවි ආයුධ රැසක් ඇති බවට තොරතුරු හෙළි කිරීමෙන් පසුව මුලතිව් පොලීසිය විසින් ලබා ගන්නා ලද අධිකරණ නියෝගයක් මත මේ ස්ථානයේ කැණීම් සිදු කරණු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම කැණීම් වලදී හමු වූ සියළු දේ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් භාවිත කරණ ලද ද්‍රව්‍ය බවට පෙනී යන බව පවසන මුලතිව් පොලීසිය මේ ස්ථානයේ වළදමන ලද අවි ආයුධ වලට සිදු වූයේ කුමක්ද යන්න පිළිබදව පරීක්ෂණ  පවත්වා ගෙන යයි.


Exit mobile version