කොටස් වෙළෙඳපොළට එන තනි ආයෝජකයන්ගේ සියයට 55ක වැඩිවීමක්

පසුගිය 2010 සිට 2021 ජුනි මාසය අතර කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොලේ ආයෝජන ගිණුම් සංඛ්‍යාව සියයට 55 කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ පෙන්වා දෙයි.
ඒ අනුව 2021 ජුනි අවසානය වන විට මධ්‍යම තැන්පතු පද්ධතියේ ගිණුම් (CDS) ගිණුම් සංඛ්‍යාව 659,578 ක් වන අතර (බහු ලියාපදිංචිය හැර) 2010 දී පැවතුණේ මධ්‍යම තැන්පතු තනි ගිණුම් 424,288කි ඒ අනුව මෙම කාලය තුළ ගිණුම් සංඛ්‍යාව සියයට 55.4 කින් වැඩි වී ඇති බව වෙළෙඳපොල වාර්තා උපුටා දක්වන ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
මෙම කාලය තුළ පෞද්ගලික ආයෝජකයන්ට මධ්‍යම කොටස් තැන්පතුවේ ගිණුම් විවෘත කරන ලද දේශීය පෞද්ගලික සමාගම් සංඛ්‍යාවද 2010 සහ 2021 ජූනි අතර කාලය තුළ සියයට 85% කින් ඉහළ ගොස් තිබේ. 11,294 දක්වා. 2014 සහ 2021 ජුනි අතර කාලය තුළදී පවා කොටස් වෙළෙඳපොළ ආයෝජනය කරන පෞද්ගලික සමාගම් සංඛ්‍යාව සාපේක්ෂව 31% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්නුම් කරන්නේ මෙම වසරේ දේශීය ආයෝජකයින්ගේ දායකත්වය මේ දක්වා සියයට 93 ක වාර්තාගත ඉහළ මට්ටමක පවතින බවය. මෙය මෙතෙක් වාර්තා වූ ඉහළම අගය ලෙස සැලකේ. 2010 දී දේශීය සහභාගීත්වය 81.5% ක් වූ අතර 2014 දී එය 72.4% කි. පසුගිය වසරේ එය 80.1%දක්වා වර්ධනය විය. පෞද්ගලික ආයෝජකයන්ගේ ක්‍රියාකාරකම් සියයට 56.2 දක්වා ඉහළ ගොස් ඇති අතර, පිරිවැටුම සඳහා දේශීය සමාගම්වල දායකත්වය ද සියයට 37 දක්වා වැඩි වී තිබේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ අගෝස්තු මාසය තුළ දී පිරිවැටුම රු. බිලියන 143.5 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ජූලි මාසයට සාපේක්ෂව සියයට 167 ක ඉහළ යාමකි. ආයෝජකයන් අතර කොටස් හුවමාරුව සියයට 96 කින් ඉහළ ගොස් ඇති අතර හුවමාරු වූ කොටස් ප්‍රමාණය බිලියන 6.2 ක් ලෙස වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමස්ත කොටස් මිල දර්ශකය සහ එස් ඇන්ඩ් පී එස්එල් 20 දර්ශකයේ සියයට 10 ක වර්ධනයක් මෙන්ම වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන වලින් ද වාර්තා කර ඇත. සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයද ට්‍රිලියන 4 ක් දක්වා 11.4කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.


Exit mobile version