කෙහෙළිය.. මහා නායක හිමිවරුත් පාපිෂ්ඨ සාහසික බලවේග ද?… මනුෂ අසයි!

මේ අවස්ථාවේ දී රට වසා තැබීමට ඉල්ලීම් කරන්නේ  පාපිෂ්ඨ සාහසික බලවේග  නම්  එම ඉල්ලීම අවධාරණය කළ  ගෞරවණීය මහානායක හිමිවරු පාපිෂ්ඨ සාහසික බලවේග  දැයි  සමගි ජනබලවේගයේ  මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත‍්‍රී මනුෂ නානායක්කාර  සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමතිවරයාගෙන් විමසා සිටී.

ඔහු මේ බව විමසා සිටියේ ඊයේ (28) සවස මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.

ඔහු එම නිවේදනයේ මෙසේ ද සඳහන් කරයි.

රට වහන්න කියලා හැමෝම කියද්දී, සෞඛ්‍ය අංශ කියද්දී රට වහන්නේ නැතිව සිටියා. අන්තිමේ දි මහ නායක හාමුරුවෝ කිව්වම රට වැහුවා කියලා ආගමික වාසියක් ගන්න, අපි හාමුදුරුවෝ කියන එක නම් අහනවා කියලා පෙන්වන්න හැදුවා.  කොරෝනා නිසා රට වහනවද නැද්ද කියන තීරණය ගන්න ඕන හාමුදුරුවෝ කියන නිසා නෙමෙයි, සෞඛ්‍ය අංශ කියන නිසා. සෞඛ්‍ය අංශ කියන දේ අහන්නේ නැතිව, මහනායක හාමුදුරුවෝ කිව්ව නිසා අපි රට වහනවා කියලා තමන්ගේ ලැජ්ජාව වහගන්න හැදුවා. මාධ්‍ය සංදර්ශනයක් පෙන්වන්න හැදුවා.


දැන් රට වහන්න කියන අය පාපිෂ්ඨ සාහසික බලවේග කියලා අලුත් සෞඛ්‍ය ඇමැතිවරයා කියනවා. එතකොට, මහානායක හාමුදුරුවෝ  පාපී හැඟීම් තියෙන අය කියලා හගවන්න හදනවා. රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මහා නායක හාමුරුවන් අදහස් දැක්වීම පාපී ක‍්‍රියාවක්ද කියලා අපි අහන්න කැමැතියි.

අපිට සියල්ලට වඩා වටින්නේ මිනිස් ජීවිත. ඒ නිසා තමයි රට වහලා හරි මිනිස් ජීවිත ආරක්ෂා කරන්න කියලා අපි ඉල්ලුවෙ. ආර්ථිකය දෙවනුව කල්පනා කරමු.

කොරෝනා වසංගතය හමුවෙ පැණි පොවලා, මුට්ටි ගගට දාලා, එන්නත ගේන්න ඕන වෙලාවට ගෙනාවෙ  නැත්තේ මේ  ආණ්ඩුවම තමයි. මේ ආණ්ඩුවෙ  තිබුණ උද්දච්චකම නිසා තමයි අද වන විට කොරෝනාවලින් අටදහසකට වඩා වැඩි පිරිසක් මිය ගොස් තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිතවලට වඩා ආර්ථිකය වටිනවාද?

මුදල් රාජ්‍ය ඇමැතිවරයා ට්විටර් පණිවිඩ නිකුත් කරමින් රටේ ආර්ථිකය ගැන සිතා රට විවෘත කළ යුතු යැයි පැවසුවත්, ජනතාව මළ සොහොන් බිමක්වූ විට ආර්ථිකයෙන් ඇති ප‍්‍රයෝජනය කුමක්දැයි  අප අසනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද රට වසා තැබීමට සිදුවුනේ ඇයි?. මේ  රට වහන තැනට පත්වුනේ වෙන රටක ප‍්‍රශ්නයක් නිසාද? එහෙම නැතිනම් අවශ්‍ය වෙලාවට තීන්දු ගත්තේ නැති නිසාද? නැතිනම් අවශ්‍ය වෙලාවට එන්නත් ගහපු නැති නිසාද කියලා කියන්න.

Exit mobile version