කුළු පොළු මැරයින් එවා වර්ජනය දිග් ගස්සාගන්න එපා…

ජන පදනම් නැති ජනපතිවරයෙක් බව තේරුම් ගෙන උද්ච්ඡ නොවී ජනතාවට ඇහුම්කන් දෙන්න... සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති බලමණ්ඩලය ජනපතිට දන්වයි...

ශ්‍රියානි විජේසිංහ –                        

ජනපීඩක ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට විරුද්ධව  සමස්ත වෘත්තීය සමිති හෙට ආරම්භ කරන දීප  ව්‍යාප්ත වැඩ වර්ජනයට අනුව  සියලුම රෝහල්වල සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සාමාජිකයින්  හෙට උදෑසන 8.00ට   ආරම්භ කරන වැඩ වර්ජනය පසුදා උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති බලමණ්ඩලය සඳහන් කරයි.

වැඩ වර්ජන කාලය තුළ හදිසි සේවා පවත්වාගෙන යාම සදහා සෞඛ්‍ය කණ්ඩායම යොදවා ඇති බැවින්  හමුදා කණ්ඩායම්,  පොලිස් නිලධාරීන් හෝ පොලු මුගුරු ගත් මැරයින්   පැමිණියහොත් වර්ජනය අඛණ්ඩව දිගු විය   හැකි බව එම  බලමණ්ඩලයේ කැදවුම්කරු රවී කුමුදේශ් රජයට අනතුරු අගවා සිටියි.

රජයේ වරප්‍රසාද ගන්නා ඇතැම් වෘත්තීය සමිති නායකයින් හා  රෝහල් අධ්‍යක්ෂවරුන්ගේ උපදෙස් මත ආණ්ඩුව කටයුතු කිරීමට යාම ඉතා අහිතකර තත්ත්වයන් නිර්මාණය වනු ඇති බවත් ඔවුන් වර්ජනය උඩු දිවීමට කටයුතු කරමින් සිටින බවත්  හෙතෙමෙ පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ     ජනතාවගේ ඡන්දයෙන් පත් නොවූ ජනාධිපතිවරයෙක් බව මතකයේ රදවා  උද්දච්චකම් අමතක කර ජනතාවගේ ප්‍රශ්නවලට කන්දෙන්නැයිද බලමණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.


Exit mobile version