කාලකන්ණි ගුරුවරු ද?. ආණ්ඩුව ද?. ගුරවරු 4000ක් කුරුණෑගල දී පාරට බැස අසති…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුරුවරුන් දෙවියන් ලෙස මෙතෙක් සැලකුවත් මේ රජයේ අමාත්‍යවරයෙක් ගුරුවරු කාලකන්නි යැයි කීමට එරෙහිව අද ( 16) කුරුණෑගල දී ගුරු විරෝධතාවක් පැවැත්විනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගුරුවරු හාර දහසක් ( 4000) පමණ එක්ව කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිරිපිට විරෝධතා දක්වමින් කුරුණෑගල කොළඹ පාර මිහිඳුමාවත පුත්තලම් පාර ඔස්සේ සංචාරය කළහ.

විරෝධතාකරුවන් සටන් පාඨ කියමින් විරෝධතා දක්වා නැවත කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිරිපිට දී අදාල කාරණාව පිළිබඳව දැනුවත් කිරීමකින් පසු පැයක පමණ කාලයක් පුරා පැවති විරෝධතාව අවසන් කළහ.
මෙම අවස්ථාව නියෝජනය කළ ලංකා ගුරු සේවා සංගමයේ වයඹ පළාත් ලේකම් ඒ. විමලසිරි කීවේ කොවිඩ්වලට නිසා ඇදවැටුණු අධ්‍යාපනය වෙනුවෙන් මාස දහයක කාලයක් තුළ මේ රජයට කිසිදු දෙයක් කිරීමට නොහැකි වූ බවය.

ගුරුවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඔවුන් වියදම් කරමින් මාර්ගගත ක්‍රමය ඔස්සේ දරුවන්ට ලබාදුන් අධ්‍යාපනය අඩාල කරන තැනට මේ රජය කටයුතු කළ බවත් ලේකම්වරයා මෙහිදී කියා සිටියේය.

මෙරට නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව සහ ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඇතුළු කරුණු පදනම් කරගෙන විරෝධතා දැක්වූ ජෝසෆ් ස්ටාලින් ඇතුළු පිරිස රඳවාගෙන සිටීම තරයේ හෙළා දකින බවත්, නිහඬව කටයුතු කළ ගුරුවරු පාරට ඇද දමන්නට රජය විසින් ම කටයුතු කළ බවත් ලේකම්වරාය මෙහිදී කිවේය.

Exit mobile version