කඩුගන්නාව නගර සභා සභාපති සැබෑ නිල නාමයෙන් නව ගමන් බලපත්‍රයක් හදාගෙන…

ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කරගනිමින් මිනිස් ජාවාරම් කළ බවට චෝදනා එල්ල වී ඇති කඩුගන්නාව නගර සභා සභාපති අමිල වේරගොඩ පසුගිය 07 දා සිය ගමන් බලපත්‍රය අස්ථානගත වූ බවට පොලිස් පැමිණිල්ලක් දැමීමෙන් අනතුරුව ඊට පසු දාම කොළඹ පැමිණ එක් දින සේවාවෙන් නව ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවත් එහි සිය තනතුර ලෙස නගරාධිපති වෙනුවට සැබෑ නිල නාමය වූ නගර සභා සභාපති ලෙස සටහන් වී ඇති බවත් විමර්ශන ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ නමුත් මේ වනවිට ලැබී ඇති තොරතුරු ප්‍රකාරව ආගමන විමගමන දෙපාර්තමේන්තුවෙන් සභාපතිවයාගේ සියලුම විදේශ ගමන් හා ව්‍යාජව සකස් කළ ගමන් බලපත්‍රයේ සියලු තොරතුරු ලබා ගත හැකි බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

නගරාධිපති ලෙස සඳහන් කරමින් මුල් අවස්ථාවේ දී ලබා ගත් ගමන් බලපත්‍රය

ඒ සමග නගරසභා සභාපතිවරයාට එල්.ටී.ටී.ඊ කාන්තාවන් සම්බන්ධ මිනිස් ජවාරම පිළිබඳ එල්ල වූ චෝදනා ඇතුළු ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කිරීමට අදාල තොරතුරු සහිත අතුරු වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ විසින් මධ්‍යම පළාතේ පළාත් කොමසාරිස් මේනක හේරත් ගෙන් ඉල්ලීමක් කර තිබේ.


පළාත් කොමසාරිස්වරයා විසින්  සිද්ධියට අදාලව   තවත් පුද්ගයින් හතර දෙනෙකුගෙන් ද සාක්ෂි විමසීමට නියමිත බවත්, නගරසභා සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවත් වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර එල්ල වී ඇති චෝදනාවලින් සභාපතිවරයාව නිදහස් කරගැනීම සඳහා පොදු ජන පෙරමුණේම ප්‍රබලයින් පිරිසක් කටයුතු කරමින් සිටින බව ද දැනගන්නට ලැබේ.

Exit mobile version