එන්නත් වැඩසටහනට ජවිපෙ මන්ත්‍රීනි හරිනිගෙන් මල්මිටක්

harini amarasuriya

කොවිඩ් එන්නත ලබාගැනීමට ගිය අවස්ථාවේදී තමා ලද අත්දැකීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය සිය ෆ‍ේස්බුක් සමාජ ජාලයේ ප්‍රශංසනාත්මක සටහනක් මුදාහැර තිබේ.

එම සටහන පහත දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මා ඇතුළුව මාගේ නිවසේ සියලු දෙනාම පිටකෝට්ටේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කාර්යාලය MOH Office Pitakotte හරහා කෝවිඩ් සඳහා එන්නත් ලබා ගත්තෙමු. සමහරුන්ට සයිනෝෆාම්ද සමහරුන්ට කොවිශීල්ඩ්ද ලැබුණි. මනා ලෙස සංවිධානය කර තිබුණු සහ ඉතාමත් කාර්යක්ෂම ලෙස සිදු වූ එම එන්නත්කරණය අප රටේ මහජන සෞඛ්‍යය පද්ධතිය කෙරෙහි මගේ විශ්වාසය යළි තහවුරු කළේය. ඔවුන්ට ඔවුන්ගේ රාජකාරිය කිරීමට අප ඉඩ දෙන්නේ නම්, වඩා වැදගත් ලෙස ඔවුන්ට ඔවුන්ගේ රාජකාරිය කරගෙන යෑමට සහයෝගය දෙන්නේ නම් (උදාහරණයක් ලෙස සෞඛ්‍ය කෙරෙහි විශේෂයෙන් මහජන සෞඛ්‍යය කෙරෙහි ප්‍රමාණවත් පරිදි අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම මගින්) අපි සැවොම වඩාත් ආරක්ෂිත වන්නෙමු.”


Exit mobile version